Print this Article


මිහින්තලේ සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා

මිහින්තලේ සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සේල චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත අටපිරිකර 2320ක් පූජා කිරීම පොසොන් පෝදා සිදු කැරේ.

මිහින්තලා රාජ මහා විහාරාධිපති වලවාහැගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරෙන සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න දේශනාව මෙම 19 වැනි දා සිදු කැරේ. මෙවර මිහින්තලා පුදබිම වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ටද අටපිරිකර රැගෙන පැමිණ සේල චෛත්‍ය වෙත පූජා කිරීමට කටයුතු යොදා ඇතැයි ද ධම්මරතන හිමියෝ පැවැසූහ.

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරය වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සේල චෛත්‍යය වෙත අටපිරිකර රැගෙන පැමිණ පූජා කරන ලෙස උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක්ද කෙරේ.

ගෞතම සම්බුදු සසුන තවත් චිරාත් කාලයක් පවතීවා යන උතුම් පැතුමෙන් එම අටපිරිකර පූජාවට දායක වන්නැයි ද සැදැහවතුන්ගෙන් ඉල්ලා සිටියි.