Print this Article


සදහම් දැනුම

 

ප්‍රශ්නය – පෙළ දහමට අනුව ලෝකය එහි හට ගැනීම හා පරිහානිය (සමුදයංච අත්ථගමංච ) කෙසේ වන්නේද ? මේ පිළිබඳ දේශනා පාඨ ඇසුරු කරමින් ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර - බුදු දහමට අනුව ධර්ම සාකච්ඡා කළ යුතු වන්නේ මෙබඳු ගැටලු තැන් නිරවුල් කර ගැනීමට ය. මධ්‍යකාලීන යුගයේ රචකයන් විසින් ලලිත විස්තර බුදු සිරිතේ නිර්මාණශීලි අවස්ථා උපයෝගී කර ගනිමින් දහම්, ගැටලු, “අන්තොජටා බහී ජටා “ වශයෙන් උපෝෂථ දින වැදගත් කාලය අපතේ යන ආකාරය බොහෝ විට අපට දක්නට ලැබේ. එබඳු අවස්ථාවලදී මෙබඳු ගැටලු එනම් ලෝකය පිළිබඳ ව පෙළ දහමේ දැක්වෙන ආකාරය නුවණින් දැන ගැනීම සසර ගමනට මෙන්ම නිවන් මඟට ද බෙහෙවින් උපකාරි වනු ඇත. ‘අතිරෝචති පඤ්ඤය සම්මා සම්බුද්ධ සාවකො” ප්‍රඥාවෙන් බුද්ධශ්‍රාවක හඳුනා ගත හැකිය. ඒ නිසා බුද්ධ චරිතය එම බුදු දහම කෙරෙහි දැනුවත්ව එය පිළිවෙතට යොමු කර ගනිමු.අඞනි සමුදය සූත්‍රාගත තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සමඟ තම උපමා රූපක යොදා ගැනීමෙන් මෙම සංකීර්ණ වූ වස්තුවක් පිළිබඳ ව මෙසේ පැහැදිලි කරති.

කත මොච භික්ඛවෙ ලෝකස්ස සමුදයෝ චක්ඛුංච පටිච්ච රූපෙ උප්පජ්ජති – චක්ඛු පඤ්ඤාණං තිණ්ණං සංගති, ඵස්සො - ඵස්ස පච්චයා වෙදනා- වෙදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා , උපාදානං උපාදාන පච්චයා භවො - භව පච්චයා ජාති ජාති පච්චයා කතමොච භික්ඛවෙ ලෝකස්ස අත්ථ ගමො – මහණෙනි! ලෝකයේ අභාවය පිරිහීම කෙසේද? ඉතාමත් තාර්කික පදනමක් උපයෝගී කර ගනිමින් ලෝකයේ අවනතිය හෙවත් සංසාරය නිරෝධයෙන් දුක්ඛකන්ධස්ස නිරෝධෝ හොති යනුවෙන් පසු තත්ත්වය භාග්‍යවතුන් වහන්සේ මෙසේ අදියර දෙකකින් පැහැදිලි කළහ.

චක්ඛුංච – සොතංච ඝානංච ජිව්හාංච – කායංච, මනංච, පටිච්ච

චක්ඛු විඤ්ඤාණං ඝාන විඤ්ඤාණං ජිව්හ, විඤ්ඤාණං කාය විඤ්ඤාණං පටිච්ච මනො විඤ්ඤාණං

තිණ්ණං – සංගති ඇස රූපය – චක්ඛු විඤ්ඤාණය නිසාඵස්ස වේදනා තණ්හා නැවතත් තෘෂ්ණා නිරෝධය අසේස විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ අවසාන වශයෙන් එවංමෙතස්ස කෙවලස්ස දුක්ඛ කන්ධස්ස නිරෝධො හොති අයං ඛො භික්ඛවෙ ලොකස්ස නිරොධො හොති ජරා මරණං සොකපරිදෙව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවන්ති අයං ඛොභික්ඛවෙ ලෝකස්ස සමුදයො.

මේ දේශනා පාලියට අනුව ලෝක සමුදය (හට ගැනීම සඳහා) ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මානුකූලව ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීම මෙන් ම තම ඉන්ද්‍රිය පද්ධතිය හා අරමුණු යොදා ගැනීමෙන් අදාළ කරුණු තවදුරටත් පැහැදිලි වෙයි.ඇසත්,රූපයත් නිසා චක්ඛුවිඤාණය උපදී. මෙසේ ම සොතංච පටිච්ච සොත විඤ්ඤාණ ඝානංච පටිච්ච ඝාණ විඤ්ඤාණ කායංච පටිච්ච කාය විඤ්ඤාණ මනං ච පටිච්ච මනො විඤ්ඤාණ

ඇස , කන, දිව, ශරීරය සිත මේ තිදෙනාගේ (ඇස, රූප, චක්ඛු, විඤ්ඤාණ) එක්වීම පහසයි. පහස වේදනාව කෙළවර කොට පවතී.වේදනාව තණ්හාව කෙළවර කොට ගනී. තණ්හාව නිසා උපාදානය වේ. උපාදානය භවය හට ගනී. භවය නිසා ජාතිය හට ගනී.ජාති (උපත) නිසා ජරා මරණ සොක, පරිදෙව, දුක්ඛ දෝමනස්ස උපායාසෙයෝ හට ගනිත්, මහණෙනි! මේ ලෝකයේ හට ගැනීමය. පෙළ දහමට අනුව ලෝක සමුදය සූත්‍ර දේශනාවට අනුව ගැටලු බොහොමයක් ම නිරවුල් වී ඇත.

1.පුද්ගලයා තුළින් ලෝකය හෙවත් සංසාරය බිහිවන බව (ඉන්ද්‍රියයන් අරමුණු හා විඤ්ඤාණය, එකතුව ලෝකය හෙවත් සසර බිහි වී ඇත.

2.තණ්හා නිරෝධයෙන් සසර හා ලෝක නිරෝධයත් (සම්මුති වශයෙන්) පුද්ගල නිරෝධයන් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙම ඉමස්මිං යෙව ඛ්‍යාම මත්තේ කලෙබරේ, දුක්ඛංච පඤ්ඤපෙම් දුක්ඛ නිරෝධංච පඤ්ඤපෙමිං යනුවෙන් මහණෙනි! බඹයක් පමණ වූ මෙම ශරීරය තුළින්ම දුකෙහි හට ගැනීම (සමුදය) හා නිරෝධයත් හඳුනාගත හැකිය යන දේශනා පාඨයෙන් ද ඉහත සඳහන් සූත්‍රාගත දේශනය තහවුරු වනු ඇත. සංඞ නි උපස්සුතී සූත්‍ර දේශනාවෙහිදි භික්‍ෂූන් වහන්සේලාට මෙම දහම් න්‍යාය පිළිබඳව මෙසේ ඇගැයුමකට ද ලක් කළහ. මහණ තෙපි මේ දහම් න්‍යාය (ධම්මපරියාය 7 ඇසවහු ද වහන්සේ එසේ ය. තෙපි දහම් න්‍යාය උගනිව් (උග්ගණ්හාථ) පිරිවහන (සිහියේ තබා ගනිව්) (පරිහාප්‍රාණාහි) දහම් න්‍යාය දරුවි (ධාරෙහි) ධම්ම පර්යායං අත්ථ සංහිතං දහම්න්‍යාය, යහපත පිණිස ය.