Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය හා පෙරහර මංගල්‍යය – 2013

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය හා පෙරහර මංගල්‍යය – 2013

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාර ඇසළ පෙරහර කමිටුව, දායක සභාව ඇතුළු විහාරස්ථ සංවිධාන ජූනි මස 02 වන දින විහාරස්ථානයේ දී රැස්වූහ.

අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මීට වසර 63 කට පෙර ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබූ ඇසළ මහා පෙරහර ඇතුළු පින්කම් මාලාව මෙවරද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට එහිදී සාකච්ඡා කැරිණි.

ඒ අනුව බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් පැමිණවීමේ වාර්ෂික ධර්ම දේශනා මාලාව මෙවර ද අගෝස්තු 15 සිට 17 දක්වා පැවැත්වේ. චිරාගත සාම්ප්‍රදායානුකූලව පවත්වනු ලබන සති පිරිත් දේශනය අගෝ. 18 දින ආරම්භ වී 24 දින දක්වා පැවැත්වේ. 50 නමකට අධික මහා සංඝරත්නය මේ සඳහා සහභාගි වන අතර සෑම දිනකම දහවල් දානය හා සවස ගිලන්පස පූජාවන් දායක කාරකාදීන් භාරගෙන ඇත.