Print this Article


නාපාවල ධර්ම මන්දිරය විවෘත කිරීම 11 වැනි දා

නාපාවල ධර්ම මන්දිරය විවෘත කිරීම 11 වැනි දා

ගැටහැත්ත, නාපාවල, ශ්‍රී සුමංගලාරාමයේ ඉදිකෙරුණු ධර්ම මන්දිරය විවෘත කිරීම මේ මස 11 වැනි දින පස්වරු 2.30 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරේ.

මේ අවස්ථාවට බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි, උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු මහ සංඝරත්නය සහභාගිවීමට නියමිත අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, අමාත්‍ය ඩබ්.ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, ඇමැතිනී පවිත්‍රාදේවි වන්නිආරච්ච මහත්මිය, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක පි‍්‍රයන්ත බණ්ඩාර මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා , රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.