Print this Article


ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය

එක්සත් අමරපුර මහා සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ජූනි මස 15 වෙනි දින පෙරවරු 8.00 සිට දවස පුරා කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී තත් භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ මහානායක මහා කම්මට්ඨානාචරිය, විනයාචරිය, ඉඟුරුවත්තේ පියනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ මහාලේඛකාධිකාරී පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමාධිපති, කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන්ගේ සංවිධානත්වයෙන් විංශත් වර්ගික කාරක සංඝ සභාවේ සහභාගිත්වයෙන් සිදු කැරෙන බව ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, හෝමාගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සම ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නාහිමියෝ නිවේදනය කරති.