Print this Article


පට්ඨාන මහා පූජෝත්සවය

පට්ඨාන මහා පූජෝත්සවය

පට්ඨාන මහා පූජෝත්සවය ජූනි 19, 20, 21 දිනයන්හිදී අනුරාධපුර විජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී 52 වන වරටත් සිරිත් පරිදි පැවැත්වේ.

අනුරාධපුර විජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස සතරවන සතිය සිහිගන්වන විහාරය ඉදිරිපිට දී ශ්‍රී සර්වඥ ධාතු කරඬුව සහ පට්ඨාන රිදී පොත් වහන්සේ තැන්පත් කොට මහා සංඝරත්නය මිහිරි ලෙස පට්ඨාන ධර්මය දේශනා කොට මේ උතුම් ධර්මය අවබෝධකොට වදාළ බුදු රැසින් බැබළෙමින් මෙනෙහිකොට වදාළ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පැවැත්වීමට නියමිතය.

කොරතොට වෙස්සභූ හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ පට්ඨාන සභාව මඟින් වාර්ෂිකව මෙම පින්කම් සංවිධානය කෙරේ. මෙහි නිර්මාතෘ අපවත් වී වදාළ ආභිධම්මික වාගීශ්වර යාගොඩ ධර්මප්‍රභ නා හිමියන් ය. විදුලි බුබුළු අසූහතර දහසකින් ජය ශ්‍රී මහා බෝ මළුව ආලෝකමත් කිරීම. ජය ශ්‍රී මහා බෝ මළුව ෂඩ්වර්ණ කොඩිවලින් අලංකාර කිරීම. විදුලිමය ෂඩ්වර්ණ බුද්ධ රශ්මි විහිදුවීම. ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස නෙළුම් මල් ඇතිරීම. පට්ඨාන සූවිසි ප්‍රත්‍ය ඤාණ පූජාව. පට්ඨාන සූවිසි ප්‍රත්‍ය විස්තර දේශනා කිරීම.

ජූනි 19, 20, 21 යන දිනයන්හි දී සවස 6.00 සිට රාත්‍රි 10.00 දක්වා මහා සංඝරත්නය පට්ඨාන ධර්මය දේශනා කිරීම. ජූනි 19 වන දින සවස 3.00 ට පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩම වීම. ඉසුරුමුණිය පාරේ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ කිරීම. ජූනි 20, 21 දෙදින පෙරවරු 6.00 සිට සීල භාවනා වැඩසටහන සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වීම සිදු කෙරේ.