Print this Article


උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූලි 12, 13

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූලි 12, 13

උඩරට අමරපුර මහ නිකායේ ශාසනජෝතිකා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූලි 12, 13 දිනයන්හී උඩරට අමරපුර මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය තෙරිපැහැ සෝමානන්ද, මහනාහිමි, රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය අත්තරගම වජිරජෝති අනු නා හිමි දෙනමගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි සීමා මාලකයේ දී පැවැත්වේ.

උපසම්පදා අපේක්‍ෂක අයදුම්පත් මේ මස 31 පළමුව නිකායේ සම ලේඛකාධිකාරීන් වන ශාස්ත්‍රපති යටිනුවර සුමන පණ්ඩිත වත්තේගම ධම්මාවාස හිමිවරුන්වෙත යොමු කළ යුතු බව නිවේදනය කර ඇත. උපසම්පදාපේක්‍ෂක පෙර පුහුණු වැඩමුළුව ජූනි 28, 29, 30 දිනවලදී ද උපසම්පදා අපේක්‍ෂක ලිඛිත වාචික පරීක්‍ෂණය සහ ආචාර්ය හිමිවරුන් දැනුවත් කිරීමේ රැස්වීම ජූලි හයවෙනිදින පැවැත්වෙන බව එම ලේඛකාධිකාරීන් වන යටිනුවර සුමන, වත්තේගම ධම්මාවාස හිමිවරු නිවේදනය කර ඇත.

ශාසන ජොතිකා කාරක සංඝ සභාවේ කාරක සභික හිමිවරුන් අනුනායක පණ්ඩිත අත්තරගම, වජිරජෝති නාහිමිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සංඝ සභා රැස්වීමේ දී මෙම තීරණ ගන්නා ලද බව කාරක සභික ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමි සඳහන් කරයි. - කේ. බණ්ඩාරනායක