Print this Article


අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය

අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි මහානිකායේ 2013 වර්ෂයේ උපසම්පදා විනය කර්මය උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චුලගණ්ඨි පාර්ශ්වයේ අතිගරු මහා නායක ගන්තුනේ අස්සජි මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙම උතුම් විනය කර්මය 2013 වර්ෂයේ ජූලි මස 13 සහ 14 යන දෙදින තුළ බලපිටිය වැලිතර පුෂ්පාරාම මූල මහා විහාරස්ථ නිකාය මූලස්ථානයේ දී පැවැත්වෙන අතර උපසම්පදා යෝග්‍යතා පරීක්‍ෂණය ජූනි මස දෙවන සතියේ පැවැත්වීමට නියමිතය.

මෙම උපසම්පදා යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටින උපසම්පදා අපේක්‍ෂක සියලුම සාමණේර හිමිවරු අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී නාහිමිගෙන් අයදුම්පත්‍ර ගෙන්වාගෙන ඉතා ඉක්මනින් සම්පූර්ණ කර නන්දන විහාරය, කරව්ව, පිටිගල යන ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී කරව්වේ විජයතිස්ස නාහිමිගේ ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතු බව දන්වා සිටී.