Print this Article


මිහින්තලා රාජ මහා විහාරයේ සති පිරිත 13 වන දා ඇරැඹේ

මිහින්තලා රාජ මහා විහාරයේ සති පිරිත 13 වන දා ඇරැඹේ

පොසොන් පෝදා සේල චෛත්‍යයට අටපිරිකර 2320ක් පූජා කැරේ

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙම 13 වන දා ආරම්භ කැරේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.

19 වන දා දොරකඩ අස්න අනුශාසනාව පැල්මඩුල්ල රාජමහා විහාරවාසී විචිත්‍රභාණී ගොඩපොළ නන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. මියන්මාරයේ සිට වැඩම කරවන ලද චූඩාමාණික්‍යය මෙම 20 වන දා සේල චෛත්‍යයේ පළඳවනු ලැබේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනයෙන් වසර 2320 ක් සපිරෙන මෙවර පොසොන් පෝදා සේල චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත අටපිරිකර 2320 ක් පූජා කිරීමට ද කටයුතු යොදා ඇති බැවින් පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ද අටපිරිකර රැගෙනවිත් සේල චෛත්‍යය වෙත පූජා කිරීමට දායක විය හැකියැයි මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.