Print this Article


බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් දා (22) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් අවස්ථාව. අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා ද මෙහි සිටිති.
- ඡායාරූපය - චන්දන පෙරේරා

මහනුවර මහමළුවේ දී පැවැති උත්සවයට සහභාග්ි වූ සඟරුවනින් කොටසක්

මියන්මාරයේ විශේෂ බෞද්ධ දූත පිරිසක් විසින් ඓතිහාසික මිහින්තලා සේල චෛත්‍යරාජයාණන් වහන්සේගේ තැන්පත් කිරීම සඳහා පිරිනැමූ චූඩාමාණික්‍ය ජනාධිපතිමහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත භාරදීම ඉකුත් 24 වන දා අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම අවස්ථාවට ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ද එක්ව සිටියහ. - ඡායාරූපය – චන්දන පෙරේරා

කොළඹ හුණුපිටිය ගංගාරාමය හා අරලියගහ මන්දිර පරිශ්‍රය ආශි‍්‍රතව පැවැති ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය 25 වන දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් විවෘත කැරිණි. හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමි, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ද ඊට එක්ව සිටියහ.
- ඡායාරූපය – උදේෂ් ගුණරත්න

කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බෞද්ධාලෝක වෙසක් කලාපය නැරඹීමට එක් විය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක ප්‍රධානීහු ඊට එක් ව සිටියහ.
- ඡායාරූපය – චන්දන පෙරේරා

බත්තරමුල්ල දියවන්නා ඔය අසබඩ ලක්විරු සෙවණ පිහිටි ප්‍රදේශය හා අවට දියවන්නා වෙසක් කලාපය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් 24 වන දා විවෘත කෙරුණු අවස්ථාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද මෙහි සිටිති.
- ඡායාරූපය - චන්දන පෙරේරා


මහජන බැංකුවේ සභාපති ගාමිණී සේදර සෙනරත් මහතා ඉකුත් දා ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් හමු වී උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගත් අවස්ථාව. මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.


2013 වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර හතරක් නිකුත් කිරීම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. තැපැල් අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව මෙය එළිදැක් වූ අතර එහි මුල් පිටපත අග්‍රාමාත්‍යතුමා විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබඩ ඤාණිස්සර හිමියන්ට පිළිගැන් වූ අයුරු.
ඡායා - නිශ්ශංක විජේරත්න

පල්ලෙවෙල වල්බෝලාන වික්‍රමශීලා විදර්ශනා පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ දෙමහල් සංඝාවාසය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තබ්බෝවේ ආනන්ද රේවත නා හිමියන්ගේ අනුශාසනා පරිදි නොබෝදා විවෘත කෙරිණි. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක මහියංගණ රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ගලගම අත්ථදස්සී අනු නා හිමියන් සංඝාවාසය විවෘත කළ අවස්ථාව. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් හා තබ්බෝවේ ආනන්ද රේවත නා හිමියෝ ද ඡායාරූපයේ වෙති.