Print this Article


අධිසිල් ලබති

අධිසිල් ලබති

හෝමාගම බෙරුකැටිය සිරි පඤ්ඤාරාම විහාරවාසී බෙරුකැටියේ පඤ්ඤාජීව සාමණේර හිමියන් මෙම ජූනි 01 වෙනි සෙනසුරාදා මහනුවර මල්වතු මහා විහාරය ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබති. උන්වහන්සේ විහාරාධිපති විශ්‍රාමලත් පරිවෙණාචාර්ය ප්‍රවීණාචාර්ය මාලිම්බඩ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙකුවන අතර මූලික අධ්‍යාපනය නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරිවෙනින් ලබා දැනට උසස් අධ්‍යාපනයෙහි නියුතුව සිටිති. ජූනි 2 දා සවස 4ට පෙරහරකින් විහාරස්ථානයට වැඩමවා උන්වහන්සේගේ මංගල ධර්මදේශනය එදින රාත්‍රි 07ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 


පොල්ගහවෙල වෙහෙරපිටිය විහාරය, ඉඹුල්ගොඩ ශ්‍රී පොත්ගුල් විහාරය, රත්මල්ගොඩ පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති, සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති, දෙල්දෙණියේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමිපාණන් වහන්සේගේ හා විද්‍යාර්ථෝදය මහ පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති, වල්ගම සුමනසිරි හිමියන්ගේ පි‍්‍රය ශිෂ්‍ය, විද්‍යාර්ථෝදය මහ පිරිවෙනේ ප්‍රාචීන මධ්‍යම පන්තියේ ඉගෙනුම ලබන තලංගමුවේ රතනවංස සාමණේර නම මේ මස 31 වෙනි දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවන ලබයි. මෙදින රාත්‍රී 7.30 ට උපසම්පදාලාභී හිමියන්ගේ මංගල ධර්ම දේශනය පැවැත්වීමට ද නියමිතය.