Print this Article


අවුකන බුද්ධප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම

අවුකන බුද්ධප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම

සුවිශේෂී පින්කම් රැසක් සිදුකෙරෙන මේ පින්බර වෙසක් මාසයේ අප්‍රමාණ කුසල් දහම් සිදුකරගන්නට සැදැහැවතුනට ඉඩ සලසා ලූ තවත් පින්කමක් මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ දී පසුගිය 23 වැනි දා සිදු කෙරිණි. ඒ පොළොන්නරුව අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් සැදැහැවත් ජන සහභාගීත්වය මධ්‍යයේ විවෘත කරන්නට යෙදීමයි.

ශ්‍රී පාදස්ථානාධිපති හා පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති සබරගමු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදුකෙරුණු පින්කමෙහි ප්‍රධානත්වය ඉසිලූයේ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ය.

දුටුවන් සිත් සතන් පහන් වන අයුරින් නිර්මිත බුද්ධප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට දායකත්වය දරනු ලැබුයේ කඹුරුපිටිය හොරපාවිට, සුදුගහහේන තේ කර්මාන්ත ශාලාවේ අධිපති සාමවිනිසුරු, ‘රෝහණ කීර්ති’ වික්‍රම විමලගුණරත්න මහතා ය. මෙබඳු උතුම් පුණ්‍ය කර්මයක් මැනැවින් සිදු කිරීමට අවැසි අනුශාසනා ලබාදීම වෙසෙස් කටයුත්තකි. ඒ භාරදූර කර්තව්‍යය ගැටමාන්නේ ගුණානන්ද හිමියන් අතින් ඉටු විය. උන්වහන්සේ මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ විහාරාධිපති සහ ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරති.