|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මැයි 31 වනදා සිකුරාදා |
|||||||||||||||||||||||||||||||||||||||
එම පහන් කූ®ඩු තරගය සඳහා මෙවර මෙරට විවිධ ප්‍රදේශයන්ගෙන් නිර්මාණකරුවන් 120 දෙනෙකු සිය නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර ඒ සියලුම නිර්මාණ සඳහා මුදලින් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමිණි. ප්‍රථමස්ථානය සඳහා මුදලින් රුපියල් 250 000 ක්ද දෙවන ස්ථානය සඳහා 150 000 ක් ද තෙවන ස්ථානය සඳහා රුපියල් 100000 ක්ද පිරිනැමුණි. ඉතාම නිර්මාණශීලි පහන්කූඩු පහළොව සඳහා සහතික පත් සමග මුදලින් ත්‍යාග ආරාධිත අමුත්තන් අතින් පිරිනැමිණි. අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුහද ගම්ලත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ව්‍යාපෘති ඉංජිනේරු පුබුදු දෑ සමන් ගමගේ මහත්වරැ මේ නිර්මාණ සඳහා විනිශ්චය ලබා දුන්හ. රුපියල් 250, 000 මුදලින් හිමිකරගනිමින් පළමු ස්ථානය බලංගොඩ එච්.ඩබ්ලිව්. ප්‍රේමදාස මහතා විසින් හිමිකරගත් අතර රුපියල් 150,000 හිමිකර ගනිමින් දෙවෙනි ස්ථානය මට්ටක්කුලියේ එච්.පී. මධුසංඛ මහතා ද රුපියල් 100,000 සඳහා වන තෙවැනි ස්ථානය මට්ටක්කුලියේ පදිංචි එම්.ටී.එම්. අජිත් රේණුක මහතා හිමිකර ගත්තේ ය. සිව්වෙනි ස්ථානයේ සිට පහළොස්වෙනි ස්ථානය දක්වා ජයග්‍රාහකයන් මෙසේ ය.
04.ජී.වික්ටර් රත්නායක, (දෙහිඕවිට)
අමාදහර වෙසක් කලාපයේ ජයග්‍රාහකයන්ට ලක්‍ෂ 10 ක තෑගි
සාදර අනුග්‍රහය:
|
||||||||||||||||||||||||||||||||||||||||
|
|
||||||||||||
|
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම 23 වැනි වරට සංවිධානය කළ ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේ ආලෝකය, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර, ටෙලිකොම් ප්‍රධාන ව්‍යාපාරික උපාය මාර්ග නිලධාරී අජන්ත සෙනවිරත්න, ටෙලිකොම් ප්‍රධාන තොරතුරු නිලධාරී රෝහණ විජේවීර මහත්වරු විසින් විවෘත කළ අයුරු. |
||||||||||||
|
|
||||||||||||
|
අමාදහර වෙසක් කලාපය ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා, ටීවී දෙරණ ආයතනයේ විධායක නිලධාරී මාධව මඩවල මහත්වරුන්ගේ අතින් දෙවැනි දිනයටත් (25) විවෘත කෙරුණු අයුරු. |
||||||||||||
|
|
||||||||||||
|
අමාදහර සදහම් වෙසක් කලාපය පසුගිය 26 දා නිමාවට පත්විය. ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් විදුලි ආලෝකය විවෘත කළ අයුරු. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ව්‍යාපෘති සන්නිවේදන විසඳුම් නිලධාරී කිත්ති පෙරේරා, ප්‍රධාන අලෙවි නිලධාරී රොෂාන් කළුආරච්චි, ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්යක්ෂ උපුල් දිසානායක මහත්වරුද මෙහි වෙති. |
||||||||||||
![]() |
||||||||||||
|
අමාදහර වෙසක් සදහම් කලාපයේ පළමුවන දින සහභාගි වූ ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර, කර්තෘමණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහත්වරු සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් |
||||||||||||
![]() |
||||||||||||
|
වෙසක් කූඩු තරගයේ පළමු ස්ථානය දිනාගත් බලංගොඩ එච්. ඩබ්ලිව්. එම්.එස්. ප්‍රේමදාස මහතාට හිමි ත්‍යාගය සහ සහතික පත් ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා වෙතින් ලබා ගනිමින් |
||||||||||||
![]() |
||||||||||||
|
වෙසක් කූඩු තරගයේ දෙවන ස්ථානය දිනාගත් මට්ටක්කුලියේ එච්.පී. මධුසංග මහතාට හිමි ත්‍යාගය හා සහතික පත් ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් ලබා ගනිමින්.
|
|
වෙසක් කූඩු තරගයේ තෙවන ස්ථානය දිනා ගත් මට්ටක්කුලියේ එම්.ඩී. එම්.අජිත් රේණුක මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ව්‍යාපෘති සන්නිවේදනය විසදුම් නිලධාරි රොෂාන් කලුආරච්චි මහතා අතින් ත්‍යාග සහ සහතික ලබා ගනිමින්.
|
|
සිව්වැනි ස්ථානය දිනාගත් ජී. වික්ටර්නායක මහතා (දෙහිඕවිට) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරි කිත්ති පෙරේරා මහතා අතින් ත්‍යාග සහ සහතික ලබා ගනිමින්.
|
|
පස්වැනි ස්ථානය දිනාගත් ඩබ්ලිව්. එස්. තිලකරත්න මහතා (නාරාහේන්පිට) ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු..
|
![]()
|
හයවැනි ස්ථානය දිනාගත් එස්. කමල් ජයසිරි මහතා (රදාවාන) ලේක්හවුස් මෙහෙයුම් අධ්යක්ෂ උපුල් දිසානායක මහතා අතින් ත්‍යාගය ලබා ගත් අයුරු.
|
![]()
|
හත්වැනි ස්ථානය දිනාගත් කේ.ඒ. සනත් ගීතික මහතා (පුවක්පිටිය) ලේක්හවුස් සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු.
|
![]()
|
අටවැනි ස්ථානය දිනාගත් ටී.එස්. කේ. සිල්වා මහතා (බලපිටිය) ලේක්හවුස් සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා අතින් ත්‍යාගය ලබා ගත් අයුරු. |
|
|
|
දහවැනි ස්ථානය දිනාගත් අයි. විජේසූරිය මහතා (අංගොඩ) ලේක්හවුස් විදුලිඅංශයේ ප්‍රධානි ප්‍රදීප් ලියනවඩුගේ මහතා අතින් ත්‍යාගය ලබා ගත් අයුරු. |
|
|
|
එකොළොස්වැනි ස්ථානය දිනාගත් එස්.ඒ.ඒ. කේ. පද්මසිරි මහතා (නාරංගොඩ) ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්. ඕ. ජයා මහතා අතින් ත්‍යාගය ලබා ගත් අයුරු. |
|
|
|
දොළොස්වැනි ස්ථානය දිනාගත් එම්.ඒ.ඒ. ප්‍රනාන්දු මහතා (මොරටුව) ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවාරච්චි මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු. |
![]() |
|
දහතුන් වැනි ස්ථානය දිනාගත් ඩබ්ලිව්. ජයසේන මහතා (පිළියන්දල) බුදුසරණ කර්තෘ සීසර් සුදුසිංහ මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු. |
![]() |
|
දාහතරවන ස්ථානය දිනාගත් කේ.ඩී.පී. නිමලරත්න මහතා (ආඬිඅම්බලම) ලේක්හවුස් මෙහෙයුම් කළමනාකරු මහේන්ද්‍ර රොද්‍රිගෝ මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු. |
![]() |
|
පහළොස්වැනි ස්ථානය දිනාගත් පී.එම්.ඒ. ගුණසේකර මහත්මිය (දකුණු පයාගල) දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතා අතින් ලබාගත් අයුරු. |
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.