Print this Article


විකාශය වූ සසුනඹර

විකාශය වූ සසුනඹර

සම්බුද්ධ ශාසනය පහළවීමෙන් පසු එය ස්ථාපිත වනුයේ පසුකාලීනවය. අද වන විට පන්සිල් සමාදන් කරවනු ලැබේ. ඒ වගේම පොහොයට අටසිල් සමාදන් කරනවනු ලැබේ. ආජීවට්ඨමක ශීලය අප භාවිතා කරනු ලැබේ. ගිහි කුමරුවකු පැවිදි කරවන වාක්‍යයක්, ක්‍රමයක්, උපාධ්‍යයන් වහන්සේ, ආචාර්යන් වහන්සේ යන දෙනමක් ඇතුළු ක්‍රමවේදයක් භාවිතා වේ.

සාංඝික දාන සම්පදායක් ඇති වී තිබේ. ශාසනය තුළ උපසම්පදා ක්‍රමයක් ඇතිවී තිබේ. උදකුක්ඛේප සීමා මාලක, සංඝනායක පදවි, ථෙර ථෙරීන් වහන්සේලාගේ නිකායයන්, ඒ නිකායයන්ගේ අධිකරණ බල සම්ප්‍රදායකි. පුද පූජා ක්‍රමවේදයක් යන සම්පත් පරිභෝජනය පිළිබඳව න්‍යාය ධර්මයන් විහාර දේවාලගම් පනතක් දක්වා නෛතික ගත වීම සහ ආයතනයක් වශයෙන් ව්‍යුහගත වීම සිදුවූයේ බුදුහාමුදුරුවන්ගේ කාලය තුළ දී නොවේ. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ‘මහණෙනි’ යනුවෙන් ආමන්ත්‍රණය කරන විට ඔවුන්ට සිවුරවත් නොතිබුණි. සිවුරවත් නැති, කොණ්ඩය නොකපාපු, රුවුල් ඇදපු, විවිධ ඇඳුම් ඇඳගත්ත පිරිසකට ‘මහණෙනි’ යනුවෙන් ආමන්ත්‍රණය කළසේක. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වී විසි අවුරුද්දක් වනතෙක් විනය නීති පහළ නොවූ බව විද්වත්හු ප්‍රකාශ කරති. විනය දේශනා කිරීම ආරම්භ වූයේ මේ ශාසන සම්ප්‍රදායක්, ආයතනයක් වශයෙන් පුළුල් වන විටයි. මුල්කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ දේශනා අසා සිටි පිරිස ශ්‍රාවකයන් බවට පත්වූහ. ඒ අය කිසියම් නිශ්චිත විශේෂ කණ්ඩායමක් බවට ආයතනයක් ලෙස සංඝ සංස්ථාව ස්ථානගත කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ කාලයේ දීමයි. ආරම්භයේදීම හිස මුඩු කළ යුතුයි. බෝධිසත්වයන් වහන්සේ කෙස් කැපුවේ සිය රාජ්‍යත්වයට හිමි මඟුල් අසිපතිනි. එම කෙස් කපා දැමුවේ හිස මුඩුකිරීමේ අදහසකට වඩා, ආදරයෙන් ලෙන්ගතුව ස්නේහයෙන්, ආසාවෙන් වැඩූ කෙස්ස කපා දැමුවේ සංකේතයක් ලෙසය. බුදුරජාණන් වහන්සේ කෙස් ටික පවා ඉවත් කරමිනුයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බෝසත් භාවයට පත් වූයේ. උන්වහන්සේ පැවිදි බව ලැබුයේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චි කරණත්තාය කියන පැවිද්ද ඉල්ලීමේ වාක්‍ය කියවා නොවේ. ඒ ආකාරයට එය සංස්ථාපිත වූයේ පසුකාලීනවයි.

පළමුවෙන්ම හිස මුඩුකළත්, මහජන ඉල්ලීම හා ශ්‍රාවක ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේ සිවුර හඳුන්වා දෙන්නේ මගධ රටේ කුඹුරක ආකාරයට සිවුර මසාගත යුතු බවටය. ඉන් අදහස් වන්නේ එයට පෙර සිවුරු නොතිබුණ බවට පැහැදිලි වේ. මෙම සිවුර සකස් කර ගතයුතු ආකාරය පැහැදිලි කරන අවස්ථාව වන විට ශාසනය තුළ දහස් ගණනක් සිවුර නැතිව පැවිදිව විවිධ ඇඳුම් වලින් පෙනී සිටියහ. පරිබ්‍රාජක, තාපස කියන ස්වභාවයට මෙම ශාසනය පැවතුණි. සම්බුද්ධ ශාසනය අනන්‍ය ලක්‍ෂණ සහිතව, ව්‍යුහගතව සංස්ථාපිත වන විට සංවිධානයක් ලෙස විශේෂතා අවශ්‍ය වූහ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සිවුර හඳුන්වා දුන්හ. සිවුරේ කඩ කැපුම මගධ ක්‍ෂේත්‍රයේ ආකාරයට කළ යුතු බවට වදාළහ. සිවුරේ උස ප්‍රමාණය අත උඩට ඔසවා යටිපතුලේ මහපට ඇඟිල්ලේ සිට ඔසවන ලද අතේ, මැදඟිල්ල දක්වා උස ප්‍රමාණය හා ඊට නිසි පළල ප්‍රමාණය, කඩ කැපෙන ප්‍රමාණය පසුකාලීනව තීරණය වූහ. වර්තමානය වන විට නුවාව, වාටිය, ගීවෙයිය, ජංගෙයිය, ඝංටිය ආදී වශයෙන් සිවුරක් සතු මූලික ලක්‍ෂණ මැහුම් කර්මාන්තයෙන් එළියට එන ආකාරයට නිර්මාණය වී තිබේ. ආයතනික ස්ථාපිත භාවයක් ඇතිව ශාසනය ආරම්භ වූවක් නොවේ. ආරම්භ වූ ශාසනය පසුකාලීනව සංවිධානයක්, ආයතනයක් වශයෙන් ස්ථාපිත වූහ.

බුදුරජාණන් වහන්සේ කෙතරම් දූරදර්ශී වූවාදැයි කිවහොත් කාටවත් අයිති නැති වූවා වුද, අලුත් වූවා වූද, ගත්තාට ගැටලුවක් නැත්තාවූද, හොඳ රෙදි වූද, හොඳ රෙදි තිබෙන්නේ සොහොනෙ පමණයි. කිසිම ප්‍රශ්නයක් නැතිව තම තමන්ගේ ඇඳුම් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් ක්‍රමයයි. එදා ඉන්දියාවේ මළ සිරුරු සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවේ අලුත් රෙදිවල ඔතාගෙනයි. තාපසයන් කනත්තට වී භාවනා කරනු ලැබුවේත් තම අවශ්‍යතා පහසුවෙන් එහිදී ලබාගත හැකි වූ නිසයි. එනම් ඕජස් ගලන ශරීර දෙස බලාගෙන භාවනා කළ හැකි වීම, ඇඳුම් අවශ්‍යතා සම්පූර්ණ කර ගත හැකි වීම, කිසිවෙකුට පෞද්ගලිකව හිමි නැති ඉඩමක් හෙයින් විවේකීව සිටිය හැකි වීම ජනතාව ජීවත්වන ප්‍රදේශයක මෙය තිබෙන නිසා ආහාරපාන අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිවීම, සිවුර වර්ණ ගැන්වීමේ දී ගස්වැල් වල කොළ පොතු දළු මුල් කුඩාවට කපා තලා ඒවා මුට්ටියක දමා තම්බා ඊට සිවුර දැමීමෙන් වර්ණ ගැන්වීම සිදු කළහ. එම මුට්ටිය ‘කසාය’ මුට්ටිය නමින් හැඳින්විණි. එය පාලියෙන් ‘කාසාය’ මුට්ටිය විය. එය කාසාය වාස්ත්‍ර විය. ‘කහට පාට’ සිවුරක් වූහ. ආයතනිකව අනන්‍ය ලක්‍ෂණ සහිතව සිවුර පිළියෙළ වූ ආකාරයයි. බුදුරජාණන් වහන්සේ මූලික උපකරණ අටක් පසුකාලීනව නිර්දේශ කරනු ලැබුවා. එය පරිභෝජන භාණ්ඩ අට සරල දිවිපෙවෙතක් සඳහාමයි. කෑම, බීම, නෑම ආදී සහ සියලු ජලමය අවශ්‍යතා සඳහා පාත්‍රය හඳුන්වා දෙනු ලැබුවා. තනිපට සිවුර හා දෙපට සිවුර වශයෙන් සිවුර හඳුන්වනු ලැබුවා. ඉදිකටුව හා නූල් ඇඳුම් අවශ්‍යතා සඳහාද පෙරහන්කඩය ජලය පිරිසුදුව පානය කිරීම සඳහාත්, පටිය ඇදුම් අවශ්‍යතා සඳහාත් නිර්දේශ කරන ලදී. ආහාර අවශ්‍යතා හා ඇඳුම් අවශ්‍යතා යනු පිණ්ඩපාත හා චීවරයි. පිණ්ඩපාත චීවර, සේනාසන ගිලාන පච්චය යන සිවුපසයෙන් පිණ්ඩපාත හා චීවර යන කොටස් දෙකම අෂ්ට පරිස්කාර වලට ඇතුළත් වෙයි. මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා වන ශාසන සම්ප්‍රදායක් ස්ථානගත වූහ.

විවේකීව ඉන්න අවශ්‍ය පරිදි කුටි ආකාරයට ආයතනය ස්ථානගත වීමක් කරනු ලැබුවා. වර්තමානය වන විට තරමක වාණිජ ස්වභාවයකින් හා තරමක නූතන ආගමික සංස්ථාවක ස්වභාවයකින් සංවර්ධනය කරනු ලැබ තිබුණත් එය ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුළයි. බුදුහාමුදුරුවන්ගේ කාලය තුළ වර්තමානයේ තිබෙන ව්‍යුහාත්මක ස්වභාවය නොපැවතුණි. කුමන ආගමක වුවත් ස්වභාවය එයයි. බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ බෞද්ධ ආගමික සංස්ථාපිත මුහුණුවර වර්තමානය තුළ ක්‍රමිකව සංවර්ධනයට භාජනය වී ඇත.