Print this Article


දන්සැල්

දන්සැල්

සිතුල්පව්ව රජමහ විහාරය

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් වෙනුවෙන් සිතුල්පව්ව රාජ මහා විහාර මාර්ගයේ “බෝධිරාජපුර” ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානයේ “ඔසුපැන්’ දන්සැලක් වෙසක් පෝදා දවස පුරා පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත. - කතරගම විශේෂ

කතරගම කිරි වෙහෙර

කතරගම කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයේ වෙසක් පෝදා සිසිල් බීම දන්සැලක් පැවැත්වීමට ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි කතරගම සමථ මණ්ඩලයේ සභාපති ජී. එච්. අමරවීර මහතා ප්‍රධාන කතරගම සමථ මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් කටයුතු සංවිධානය කර ඇත.

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වා ගෙන එනු ලබන වෙසක් මහා බත් දන්සැල මෙවර ද මෙම වෙසක් පොහෝ දින දහවලේ සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එදින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම බත් දන්සැල පැවැත්වේ.

වැල්ලගල යෝගාශ්‍රමය

වැල්ලගල යෝගාශ්‍රමාධිපති බලපිටියේ සද්ධාවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව විසින් 46 වැනි වරටත් බත් දන්සලක් වැල්ලගල යෝග්‍රාශ්‍රම භූමියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

නුගේගොඩ අලුත් පාර

නුගේගොඩ අලුත් පාර, මංසන්ධියේ පිහිටා ඇති බුදුරුව අසළ මේ මස 24 වැනි දින දහවල් බත් පාර්සල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.