Print this Article


මල්වතු විහාරයේ උපසම්පදාව

මල්වතු විහාරයේ උපසම්පදාව

ස්‍යාමෝපාලි මහ නිකායේ උපසම්පදාව පිහිටුවා 260 වසර සම්පූර්ණ වීම මෙවර වෙසක් පුරපසොළොස්වක පෝයත් සමඟ (මැයි 24) කොළඹ විද්‍යෝදය පිරිවෙනේ ප්‍රාචීන අවසාන පන්තියේ ධර්ම ශාස්ත්‍රය හදාරන වතුරකුඹුරේ ඤාණවිමල සාමණේර නම මෙදින (වෙසක් පෝයදා) වාහල නාගනාමයෙන් මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ඇත.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිගේ සහ මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභාවේ සභික අම්පිටියේ චන්දජෝති, පණ්ඩිත ලක්‍ෂපාන චන්දවිමල යන හිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන්ගේ උපාධ්‍යායෙන් මෙදින උපසම්පදාව ලබන ඥාණවිමල හිමි ශ්‍රී දළදා මාලිගාවේ දී ඔටුනු පළඳවාගෙන මහ පෙරහරකින් මල්වතු මහා විහාරය වෙත වැඩමවාගෙන යනු ඇත. -කේ. බණ්ඩාරනායක