Print this Article


දන්සැල් ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්වීම

දන්සැල් ඇතුළු විවිධ වැඩසටහන් පැවැත්වීම

වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුලාවෙන් මුදල් රැස් කිරීමේ විවිධ ව්‍යාපාර සිදු කරන බවටත්, ඇතැම් දන්සැල් බුදු දහමට නිගා වන අයුරින් මෙන්ම මහජනතාවට අවහිරතා ඇති වන අයුරින් පවත්වන බවටත් නොයෙක් වර වාර්තා වී ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා කියයි. එම සියලු කරුණු පිළිබඳ සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය හා කළ සාකච්ඡාවකින් පසු වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සල් හා වෙනත් වැඩසටහන් පැවැත්විය යුත්තේ කුමනාකාරයෙන් දැයි තීරණය විය.

දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති හිමියන්ගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරීන්ගේ දැනුවත් වීම මත කටයුතු කිරීමත්. දන්සල් සඳහා ආධාර එකතු කිරීමේ දී විහාරාධිපති හිමියන් සහ ග්‍රාම නිලධාරීන්ගේ උපදෙන් අනුව කටයුතු කිරීමත්, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමට බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ සඳහා කහපාට කොඩියක් භාවිත කිරීමත්. සැදැහැසිතින් සියලු කටයුතු සංවිධානය කිරීමත්, ඝෝෂාකාරී සංගීත වාදන හා භයානක දර්ශන සහිත මනස ව්‍යාකූල තත්ත්වයට පත්වන වැඩසටහන් නොපැවැත්වීම. යන්න එම කරුණු බව චන්ද්‍රප්‍රේම ගමගේ මහතා සඳහන් කරයි.