Print this Article


මෙවර සිරිපා වන්දනාවට අතිවිශාල සැදැහැවතුන් පිරිසක්

මෙවර සිරිපා වන්දනාවට අතිවිශාල සැදැහැවතුන් පිරිසක්

මෙවර සිරිපා වන්දනා වාරය මෙම වෙසක් පුන් පොහෝ දිනේදී නිමාවට පත්වේ.

ඉකුත් උඳුවප් පුර පසළොස්වක දිනයේ සිට ආරම්භවූ සිරිපා වන්දනාවට සැදැහැවතුන් විශාල පිරිසක් වන්දනාමාන කරගත් බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ. සිරිපා මළුවෙන් වෙසක් පෝය දිනයේ ගමන් අරඹන පෙරහර නල්ලතන්නියේ බෞද්ධ මන්දිරයේ 26 දින නවාතැන් ගනු ලබන අතර 27 වැනි දින ගල්පොත්තාවෙල සිරිපාද විහාරස්ථානය කරා ගමන් ආරම්භ කරනු ලබයි. - වෙල්ලස්සේ බණ්ඩාර