Print this Article


ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් මහ පෙරහර චාරිත්‍රානුකූලව වෙසක් පුර පසළොස්වක පෝදා රාත්‍රී මාලිගා චතුරශ්‍රය ප්‍රධාන සීමිත වීදි සංචාරයක යෙදේ. සර්වඥධාතු කරඬුව (පෙරහර කරඬුව) වැඩමවා ගත් ඇත් රාජා ප්‍රධාන ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් පහළොවක් පමණ සහභාගි වන වෙසක් පෙරහර ශ්‍රී දළදා මාලිගා ප්‍රධාන වාහල්කඩ අබියසයෙන් පිටත්වේ. මල්වතු අස්ගිරි මහා විහාරයීය උපසම්පදා මංගල්‍ය පෙරහර මෙදින සවස ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව මල්වතු අස්ගිරි මහා විහාර කරා ගමන් කර වෙසක් පෝය දිනයෙන් උපසම්පදා මංගල්‍ය ආරම්භ කෙරේ. වාහල නාග නාමයෙන් සාමණේර දෙනම මල්වතු අස්ගිරි මහා විහාරයන්හි අධිශිල්හි පිහිටුවීමෙන්, ආරම්භ කරන උපසම්පදා මංගල්‍යයත් පොසොන් පෝය දිනයෙන් හමාර කෙරේ. - කේ. බණ්ඩාරනායක