Print this Article


ගුණ සැමරුම

ගුණ සැමරුම

පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ හිත්තැටියේ උදිත නාහිමිපාණන් වහන්සේගේ ගුණ සැමරුම හා සම්බුදු තෙමඟුල උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන පූජ්‍යෝත්සව මේ මස 11 දින සිට 24 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කිරම නන්දරතන හිමියන්ගේ උපදෙස් පරිදි සංවිධානය කෙරේ. මේ මස 11 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකින් ඇරඹෙන පූජෝත්සවය 12 දින මීතලාවේ විනීත හිමියන් පවත්වනු ලබන ‘දස බල ඥාන පූජාව‘ සිදු කෙරේ.

13 දින සිට තිසංගම රතනසිරි, හබරකඩ ඉන්ද්‍රරතන, දිවියාගහ යසස්සී, දොළොස්වල උධිතධීර, බණ්ඩාරවෙල අමිතානන්ද, මැදගොඩ අභයතිස්ස, දම්පේ විපස්සී, දියතලාවේ පියදස්සි, දියසෙන්පුර විමල, ගලිගමුවේ ඥානදීප, ගොම්බද්දල දමිත යන නායක මාහිමිවරුන්ගේ ධර්මදේශනා පැවැත්වේ. මැයි මස 24 දින වෙසක් පෝය දින දවස පුරා ශීල, භාවනා, ධර්මදේශනා වැඩසටහන් මාලාවක් පැවැත්වේ.