Print this Article


ජය පිරිත් දේශනය කොළඹ දී

ජය පිරිත් දේශනය කොළඹ දී

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් රටට, ජනතාවට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජය පිරිත් දේශනය මේ මස 09 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

එම ජය පිරිත් දේශනයට මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේට ආරාධනා කිරීමට ගිය රාජ්‍ය අරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා උන්වහන්සේගේ නිල ආරාමයේ දී මල්වතු මහා නා හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

මෙම අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ලේ මහතා ද, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් දෑල මහතා ද සහභාගී වූහ.