Print this Article


මාර්තුවෙල විජිතසිරි හිමියෝ ශ්‍යාමරාජ ත්‍යාගය ලබති

මාර්තුවෙල විජිතසිරි හිමියෝ ශ්‍යාමරාජ ත්‍යාගය ලබති

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙණෙහි පාලි, සංස්කෘත, සිංහල භාෂාත්‍රයෙහි දීප්තිමත්ම ශිෂ්‍යයාට පිරිනමන ශ්‍යාමරාජ ත්‍යාගය මෙවර මාර්තුවෙල විජිතසිරි හිමියන් විසින් දිනාගෙන ඇත. භාෂාත්‍රයේ ප්‍රථම ත්‍යාගය ඇතුළු ත්‍යාග 19 ලබාගනිමින් ගෞරව සාමාර්ථයක් ලැබූ උන්වහන්සේ අහංගම තිත්තතගල්ලේ සිරි කෙත්තාරාම හා ගාල්ල මාගාල්ල සිරිසුධර්මාරාම යන උභය විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රවේදී කතළුවේ සුගතසිරි නාහිමියන්ගේ ශිෂ්‍යරත්නයකි. එසේම උන්වහන්සේ 2012 වසරේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම පැවැත් වූ පණ්ඩිත උපාධි පරීක්‍ෂණයේ දී දිවයිනේ ප්‍රථමයා ලෙසද සමත් වූහ. දැනට උන්වහන්සේ විද්‍යෝදය මහා පිරිවෙණෙහි ආචාර්යවරයකු ලෙස සේවය කරයි.