Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹ 08, බේස්ලයින් මාවතේ සහශ්‍රපුර මහල් නිවාස සංකීර්ණයේ අංක 60/08/39 හි පදිංචි ඒ. ජෙනට් ආශිර්වාදම් මහතාගේ වකුගඩු දෙකම සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බැවින් වකුගඩුවක් බද්ධ කරගැනීම සඳහා “ඕ පොසිටිව්” (O+) වර්ගයේ වකුගඩුවක් අවශ්‍යකර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් පරිත්‍යාගශීලියෙකු වෙතොත් දුරකථන අංක 0112673580/071 6342058 දන්වන ලෙස ඉල්ලා සිටියි.


නුගේගොඩ, ඇඹුල්දෙනියේ පදිංචි ඩබ්.ආර්. රෝහිත ප්‍රනාන්දු මහතා (53) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහු සුවපත් කිරීමට “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළයුතු බවට විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත. “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙක් වේ නම් දුරකථන අංක 072 2834205 අමතන ලෙස ඉල්ලා සිටිති.


අවුරුදු 19ක පිරිමි දරුවෙකුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් 0112 971 598 (කාන්ති සිරිබද්දන) ඒ බව දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටියි.