Print this Article


සමාජ සේවකයාගේ ජන්ම සමරුව දා සිල් රෙදි ප්‍රදානයක්

සමාජ සේවකයාගේ ජන්ම සමරුව දා සිල් රෙදි ප්‍රදානයක්

මතුගම පන්නිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවකයෙකු වන පන්නිල විතානගේ ජිනෝරිස් අප්පුහාමි මහතාගේ 83 වැනි ජන්ම දිනය පසුගියදාට යෙදී තිබුණි.

ඒ නිමිත්තෙන් ඒ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ වැඩිහිටි සංවිධාන 03ක සාමාජිකයන් 200 දෙනකු වෙත සිල් රෙදි කට්ටලය බැගින් බෙදා දීමේ පින්කමක් පැවැත්විණි.

එම අවස්ථාවට වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා ද සහභාගි විය. එම ප්‍රදේශය කෘෂිකර්මය මත පදනම් වූ ජීවන රටාවක් පවතින බැවින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ජිනෝරිස් මහතාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් එම අවස්ථාවට සහභාගි වූ සියලුම වැඩිහිටියන් වෙත උදලු තල පරිත්‍යාග කිරීමක් ද සිදු කරන ලදී. එම පින්කම් මාලාව පන්නිල ශෛලබිම්බාරාමයේ දී පසුගිය දා සිදු කරන ලදී.