Print this Article


හෙළ බොදු සමය නංවන දරු දිරි සහන පදනම


දරණාගම
කුසලධම්ම හිමි

කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති මෙන්ම, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් තම ගුරු දේවෝත්තම අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ද ඇතිව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ ද සක්‍රීය සහභාගිත්වය ඇතිව පසුගියදා ‘දරු දිරි සහන පදනම’ නමින් සමාජ පදනමක් පිහිටු වූහ.


බෞද්ධ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මූලිකත්වය හා මෙහෙය වීමෙන් සාදා නිමකළ රිදි දොර දෙකෙන් එකක් දළදා වහන්සේට පූජා කිරීමේ මහඟු පින්කම පැවැත්වුණු අවස්ථාව

දළදා මැදුරේදී පැවැති සංඝගත දක්ෂිණාවේදී අස්ගිරි මහ නා හිමියන් වෙත ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අටපිරිකර පූජා කළ අවස්ථාව

මීගස්වැව පතොක්වැව ශ්‍රී සුදර්ශනාරාමයේ දී ප්‍රතිලාභ ප්‍රදානයෙන්

රන්මල්ගහවැව ආලෝක පබ්බතාරාමයේ දී ප්‍රතිලාභ ප්‍රදානයෙන්

දරුවන් හදා වඩා ගැනීමට කැමැති නමුත් ඒ සඳහා ආර්ථික හැකියාව නොමැති දුෂ්කරතා මැද දිවි ගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වඩා වැඩියෙන් ප්‍රසූත කළ සහ කරන මවුවරුන්ට මාසිකව රුපියල් පන්දහසක (රු. 5000 ) දිරි දීමනාවක් පිරිනැමීමට හා එක් පවුලකට කිරි ගවයෙකු බැගින් ලබාදීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර 2013 වසරේ පෙබරවාරි මස 03 වන දින වැලිවේරිය නාරංවල ගුණරතන සම්බෝධි සෙවණේ දී පවුල් 07 ට ද, පෙබරවාරි මස 10 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ රන්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේදී පවුල් 25 ට ද මෙලෙස පරිත්‍යාග කළ අතර මාර්තු මස 17 වන දින මහනුවර සෙංකඩගල ඓතිහාසික සිරි දළදා මැදුරේ වැඩ සිටින මාලිගාවේ ආරක්ෂාවට ලක්වැසි සැදැහැති බෞද්ධ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මූලිකත්වය හා මෙහෙය වීමෙන් සාදා නිමකළ රිදි දොර දෙකෙන් එකක් දළදා වහන්සේට පූජා කිරීමේ මහඟු පින්කම පැවැත්වුණු අවස්ථාවේදී පවුල් 200 ට මෙම මාහැඟි පරිත්‍යාග සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය කරන්නට යෙදුණි. ඒ සැම පවුලකටම බුදු පිළිම වහන්සේ නමක්, වියළි ආහාර මල්ලක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් ද පරිත්‍යාග කරමින් උතුම් දළදා වන්දනා පින්කමක් ද සිදු කොට එදිනට 85 වන වියට පා තැබූ අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේට දිගාසිරි පැතීමට ද සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරන්නට යෙදුණි. එම පදනමෙහි මෙහෙයවීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගස්වැව, පතොක් වැව ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථානයේ දි තවත් පවුල් 31 ට දරු දිරි සහන පදනමේ මාසික 5000 / - ක ප්‍රතිලාභ ප්‍රදානයන් සිදුකළ අතර එම පවුල්වලට මෙන්ම, තවත් පවුල් 81 ට මරණය සඳහා සූදානම් ව තිබියදී සැදැහැවතුන් විසින් අභයදානය දෙන ලද කිරි ගවයින් 81 දෙනෙකු ද හදා වඩා ගැනීමට පරිත්‍යාග කරන්නට යෙදුණි.

සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූ®ෂණ ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ දැය නගා සිටුවීම සඳහා ගෙන යන මෙම උදාර කාර්යභාරයට ඔබටත් දායක විය හැකි අතර ඒ සඳහා “ දරු දිරි සහන පදනම” නමින් සම්පත් බැංකුව සහ මහජන බැංකුවේ පවත්වාගෙන යන පහත ගිණුම්වලට ආධාර යොමු කළ හැකි බව කරුණාවෙන් සිහිපත් කර සිටිමු. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා සම්බෝධි විහාරස්ථානයේ පරිපාලන ලේකම් ශාන්ත අමරතිලක මහතාට දුරකථන අංක 0114942607 /0774386455 ඔස්සේ ඇමතිය හැකිය.

කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති මෙන්ම, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් තම ගුරු දේවෝත්තම අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අග්ග මහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ද ඇතිව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේගේ ද සක්‍රීය සහභාගිත්වය ඇතිව පසුගියදා ‘දරු දිරි සහන පදනම’ නමින් සමාජ පදනමක් පිහිටු වූහ.

දරුවන් හදා වඩා ගැනීමට කැමැති නමුත් ඒ සඳහා ආර්ථික හැකියාව නොමැති දුෂ්කරතා මැද දිවි ගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වඩා වැඩියෙන් ප්‍රසූත කළ සහ කරන මවුවරුන්ට මාසිකව රුපියල් පන්දහසක (රු. 5000 ) දිරි දීමනාවක් පිරිනැමීමට හා එක් පවුලකට කිරි ගවයෙකු බැගින් ලබාදීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර 2013 වසරේ පෙබරවාරි මස 03 වන දින වැලිවේරිය නාරංවල ගුණරතන සම්බෝධි සෙවණේ දී පවුල් 07 ට ද, පෙබරවාරි මස 10 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ රන්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේදී පවුල් 25 ට ද මෙලෙස පරිත්‍යාග කළ අතර මාර්තු මස 17 වන දින මහනුවර සෙංකඩගල ඓතිහාසික සිරි දළදා මැදුරේ වැඩ සිටින මාලිගාවේ ආරක්ෂාවට ලක්වැසි සැදැහැති බෞද්ධ පින්වතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ සම්බෝධි විහාරස්ථානය හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ මූලිකත්වය හා මෙහෙය වීමෙන් සාදා නිමකළ රිදි දොර දෙකෙන් එකක් දළදා වහන්සේට පූජා කිරීමේ මහඟු පින්කම පැවැත්වුණු අවස්ථාවේදී පවුල් 200 ට මෙම මාහැඟි පරිත්‍යාග සිදු කිරීමට සියලු කටයුතු සම්පාදනය කරන්නට යෙදුණි. ඒ සැම පවුලකටම බුදු පිළිම වහන්සේ නමක්, වියළි ආහාර මල්ලක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් ද පරිත්‍යාග කරමින් උතුම් දළදා වන්දනා පින්කමක් ද සිදු කොට එදිනට 85 වන වියට පා තැබූ අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේට දිගාසිරි පැතීමට ද සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරන්නට යෙදුණි. එම පදනමෙහි මෙහෙයවීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගස්වැව, පතොක් වැව ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථානයේ දි තවත් පවුල් 31 ට දරු දිරි සහන පදනමේ මාසික 5000 / - ක ප්‍රතිලාභ ප්‍රදානයන් සිදුකළ අතර එම පවුල්වලට මෙන්ම, තවත් පවුල් 81 ට මරණය සඳහා සූදානම් ව තිබියදී සැදැහැවතුන් විසින් අභයදානය දෙන ලද කිරි ගවයින් 81 දෙනෙකු ද හදා වඩා ගැනීමට පරිත්‍යාග කරන්නට යෙදුණි.

සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ දැය නගා සිටුවීම සඳහා ගෙන යන මෙම උදාර කාර්යභාරයට ඔබටත් දායක විය හැකි අතර ඒ සඳහා “ දරු දිරි සහන පදනම” නමින් සම්පත් බැංකුව සහ මහජන බැංකුවේ පවත්වාගෙන යන පහත ගිණුම්වලට ආධාර යොමු කළ හැකි බව කරුණාවෙන් සිහිපත් කර සිටිමු. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා සම්බෝධි විහාරස්ථානයේ පරිපාලන ලේකම් ශාන්ත අමරතිලක මහතාට දුරකථන අංක 0114942607 /0774386455 ඔස්සේ ඇමතිය හැකිය.