Print this Article


ලේඛකාධිකාරී ධූරයට

ලේඛකාධිකාරී ධූරයට

බමුණාකොටුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩකයේ ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස හිදව ශ්‍රී විජය සුන්දරාරාමාධිපති හිදව දේවානන්ද හිමියෝ නිතරගෙයන් තේරී පත් විය.

උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමි කරනගෙන ඇති අතර දිගු කලක් කටුපොත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස ක්‍රියා කොට ඇත.

කොටකන්ද රුවන් බෝධි පිරිවෙණෙහි ආචාර්යවරයකු හා පරිවේනාධිපතින් වහන්සේ ලෙසද කටයුතු කළ උන්වහන්සේ දහම් පාසල් ක්‍ෂේත්‍රයේ ධර්මාචාර්යවරයෙකු හා ප්‍රධානාචාර්යවරයෙකු ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත. දැනට පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරිවරයා ලෙස ක්‍රියා කරයි.