Print this Article


ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි ජාතියට සම්පතක්

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි ජාතියට සම්පතක්

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති

අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් වහන්සේ සමග සාකච්ඡා කරමින් සක්වල සක්මන නමින් ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පතට චාමික මුණසිංහ ලිපි පෙළක් ලියා ඇති අතර එම ලිපි පෙල ඇතුළත් සජීවි ලෝකය නමැති කෘතිය දොරට වැඩීමේ උළෙල

මිනිසා සොයා ගත් විද්‍යාවත් බුදු දහමත් අතර ඇති සම්බන්ධතාවය මනා ලෙස විදහා දක්වමින් බුදු දහම විද්‍යාවට එහා ගිය උතුම් දර්ශනයක් බව අවබෝධ කර දුන් ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වන අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් ජාතියට සම්පතක් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

ඇමරිකාවේ ක්‍රියාදාමයට නාසා ආයතනයේ ප්‍රකාශවලට එහා නොසිතීමට තරම් නිර්භීත නොවන පෙරදිග වැසියන්ගේ අඥානකම හමුවේ උන්වහන්සේ ලෝකය, ජගත් චක්‍රය, සූක්ෂම ජීවින් ඇතුළු විවිධ පැතිකඩ ඔස්සේ සිය මතය ලෝකයට බෙදා දුන් බව ද උන්වහන්සේ පැවසූහ.

අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් වහන්සේ සමග මාධ්‍යවේදී චාමික මුණසිංහ මහතා සක්වළ සක්මන ලිපි පෙළ සඳහා උන්වහන්සේගෙන් ලබා ගත් තොරතුරු ඇතුළත් කොට රචනා කළ සජීවි ලෝකය නමැති කෘතිය ජන්ම දිනය නිමිති කොටගෙන ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පසුගියදා (29) එළි දැක්වූ අවස්ථාවේ දී මේ අදහස් පළ කෙරිණ.

උන්වහන්සේ මෙසේ ද කීහ. සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බුදුරජාණන් වහන්සේගේ කථා වස්තුවේ උත්තරීතර තැන් මග හැර තිබෙනවා. උන්වහන්ස්ගේ විශිෂ්ටත්වය, පෞරුෂත්වය හා උත්තරීතරභාවය එහි සඳහන් වෙලා නැහැ.

මෙය බෞද්ධයන් වෙනුවෙන් නිර්මාණය කළ චිත්‍රපටයක් ද? බුදුන් වහන්සේගේ කාලයේ දේවදත්ත නොපෙරලූ ගල් අද බෞද්ධයන් විසින් පෙරලනවා. අපි නැවතත් මේ යන්නේ ගල් යුගය කරාද යන ප්‍රශ්නය නැඟෙනවා. චාමික මුණසිංහයන්ගේ මේ ග්‍රන්ථය සමාජයේ සියලුම දෙනාට ආදර්ශයක්.

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි බුදුන්ගේ කාලයේ සිට දේව බලය සම්බන්ධයෙන් විශ්වාසයන් එල්බගෙන සිටි අපේ ජනතාව අද එතැනින් ගිලිහිලා . එය එක් පැත්තකින් යහපත් දෙයක් වුනත් බොහෝ දෙනා යොමු වෙලා තිබෙන්නේ මලපේ‍්‍රතයන් සාස්තර කියනවාය කියන ස්ථානවලට. එහෙත් මේ සක්වළ තිබෙන අපට නොදැනෙන අප නොදකින හා නොදන්නා තොරතුරු අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් වහන්සේගෙන් උකහාගෙන චාමික මුණසිංහ නමැති තරුණ මාධ්‍යවේදියා විසින් ලියා පළ කොට තිබෙනවා.

උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පතන අතරේ බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් මතකයට නැගුණා. ‘සඳ මඩල හා හිරුමඩල විවෘත වෙන්න වෙන්න එම වස්තුන් බබලනවා සේම බුද්ධ ධර්මයද විවෘත වෙනවා.

චාමික මුණසිංහ තරුණ ලේඛකයා සිදු කර ඇත්තේ සේවාවක්.

ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පතට චාමික මුණසිංහ මහතා අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් වහන්සේ සමග සාකච්ඡා කරමින් සක්වළ සක්මන නමින් ලිපි පෙළක් ලියා ඇති අතර සජීවි ලෝකය නමැති කෘතිය එම ලිපි අනුසාරයෙන් ලියා පළ කළ ග්‍රන්ථයකි.

මේ ග්‍රන්ථයෙහි සක්වල දැක්ම හා ජීවන පැවැත්ම, පිටසක්වලත් බුදුවරු වැඩ වෙසෙත්ද? සක්වල ගල සිට විහිදෙන ලෝකය,ලොව මවන්නකු හෝ රකින්නකු නැත්ද? අධ්‍යාත්මික ශක්ති විශේෂ, ඉහළ තලවල ජීව ලෝක, රාවන රජුගේ දඬුමොනර යුගය, අපායේ විලාපය, සජීවි ලෝකයේ අජීවි අභිරහස ඇතුළු තවත් මාතෘකා ගණනාවක් ඔස්සේ ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන් වහන්සේ දැක් වූ අදහස් අන්තර්ගත වී තිබේ. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, අගලකඩ සිරිසුමන හිමි, දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි, හෑගොඩ විපස්සි හිමියන් ඇතුළු සම්භාවනීය මහා සඟරුවන ප්‍රධාන විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.