Print this Article


මහමෙවුනා අසපුව සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන්

මහමෙවුනා අසපුව සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහන්

කඩුවෙල, හේවාගම මහමෙවුනාව බෝධිඥාන අසපුව ශ්‍රද්ධා රූපවාහිනිය සමඟ එක්ව අප්‍රේල් මාසය පුරා ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කර තිබෙන බව සංවිධායක කමිටුව දන්වා සිටී.

ඒ අනුව අප්‍රේල් මස 09 වන දින පොල්ගහවෙල මහමෙවුනා අසපු මූලස්ථානයේදී හා බදුල්ල ධර්‍මදූත මහ විද්‍යාලයේදී ද අප්‍රේල් 12 වන දින බණ්ඩාරවෙල නගර ශාලවේදී හා බලංගොඩ මහාමෙවුනා අසපුවේ ද, අප්‍රේල් 13 මාලබේ අමාවතුර මහමෙවුනා භාවනා අසපුවේදී ද, අප්‍රේල් 21 වන දින අනුරාධපුර ලෝලුගස්වැව ධම්මචේතිය භාවනා අසපුවේදී ද, ආනමඩුව මහාමෙවුනා අසපුවේදී ද, හොරණ මහමෙව්නා භාවනා අසපුවේදී පැවැත්වීමට නියමිතය. අප්‍රේල් 28 වනදා වලස්මුල්ල මහමෙවුනා අසපුව, උයන්දන මහමෙව්නා අසපුව හා හුණුමුල්ල මහමෙවුනා අසපුවේදී එම ලේ දන් දිමේ පින්කම් ද පැවැත්වේ.