Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමිගේ ප්‍රකාශය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමිගේ ප්‍රකාශය

තමිල්නාඩුවේදි භික්ෂූන් වහන්සේට පහරදීම දැඩිසේ හෙළා දකින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නාහිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ. පසුගිය දිනක අධ්‍යයන කාර්යයට ගිය හා වන්දනාවේ ගිය භික්ෂූන් දෙනමකට තමිල්නාඩුවේදී අන්තවාදීන් පිරිසක් විසින් පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

බෞද්ධ භික්ෂූන් යනු අහිංසාවාදී පිරිසක්. වන්දනාවේ යන්නේ දැඩි භක්තියෙන් හා බුද්ධ ගෞරවයෙන් යුක්තවයි. නිර්භීතව සැදැහැ සිතින් වන්දනා කරගෙන ඒමට සැදැහැවත් කාට වුවද නිදහස තිබිය යුතුයි.

මෙබඳු පහරදීම් වලින් හිංසා පීඩා කිරීම්වලින් එම මානසික තත්ත්වය වෙනස් කිරීම අතිශය කනගාටුවකට හේතුවක්. මෙබඳු පහත් බියගුලු ක්‍රියා ඉතිරි වී සිටින කොටි ත්‍රස්තවාදී අන්තවාදීන් විසින් සිදු කරනවා විය හැකියි. එම දාමරික ක්‍රියා නැවැත්වීමට ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය ද වහාම පියවර ගතයුතු බව අවධාරණය කරනවා. අවුරුදු දහස් ගණනක් අඛණ්ඩව පවත්නා ඉන්දු ලංකා බෞද්ධාගමික හොඳ හිත පළුදු නොවන සේ කටයුතු කිරීම අප කාගේත් යුතුකමක් බව මතක් කරනු කැමැත්තෙමි.

ත්‍රස්තවාදය කවර ජාතියකට වුවද විනාශය ළඟා කරන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ, යනුවෙන් නාපාන පේමසිරි මහ නාහිමියන් ගේ නිවේදනයේ දැක් වේ.