Print this Article


බුදු ගුණ භාවනාව - අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය

බුදු ගුණ භාවනාව

අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය

01. සො භගවා ඉතිපි අනුත්තරෝ පුරිස දම්ම සාරථී. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

02. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

03. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නවදහස් එකසිය අසූකෝටි පනස් ලක්‍ෂ තිස් හය දහසක් වූ සික්‍ෂාපදයන්ගෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

04. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චාරිත්‍ර සීල වාරිත්න සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

05. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

06. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආජීව පාරිසුද්ධි සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

07. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පච්චය සන්නිශ්‍රීත සීලයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

08. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි ස්කන්ධයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

09. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාමාවචර සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූපාවචර සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රථම ධ්‍යානයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුතීය ධ්‍යානයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තෘතීය ධ්‍යානයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුර්ථ ධ්‍යානයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සටි අභිඤ්ඤාවෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූපාවචර සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝකෝත්තර සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගඵල සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදගාමී මාර්ගඵල සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමී මාර්ගඵල සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගඵල සමාධියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධ්‍යාන, සමාධි, සමාපත්ති, මාර්ගඵල නිර්වාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රඥාවෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසයානුසයේ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යමක පටිහාරිය ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සබ්බඤ්ඤුත ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාවරණ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේ සත්තෑ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත් සත්තෑ ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුවිසි ප්‍රත්‍ය ඤාණ සුවිසි පට්ඨාන ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති ස්කන්ධයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති ඤාණ දස්සන ඤාණයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූපකාය සම්පත්තියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර සතිපට්ඨානයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර සම්‍යක් ප්‍රධානයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර සෘධි පාදයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඤ්ච ඉන්ද්‍රියෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචබල ධර්මයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

42. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සප්ත බොජ්ඣංග උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

43. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

44. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බුද්ධත්වයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

45. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආශ්‍රවක්‍ෂයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

46. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්තරායි ධර්මයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

47. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෛනික ධර්මයෙහි විශාරද නුවණින් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

48. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකල ධර්මයන්ගෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

49. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකල ගුණ ඤාණයන්ගෙන් උත්තරීතර බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

50. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දමනය කටයුතු වූ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, නාග, සුපර්ණ, යක්‍ෂ, රාක්‍ෂ, විද්‍යාධර, තිරශ්චීන ආදී සත්වයන් උත්තරීතර විදියෙන් දමනය කළ බැවින් අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

සාධු! සාධු! සාධු!

මාගේ බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

මාගේ බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

මාගේ බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්මසාරථී නම් වන සේක.

සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්මසාරථී!!!