Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක. 73, බටලන්ද, කලල්පිටිය පදිංචි රණවීර වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්, නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් 077 9421311 අංකයට දන්වන මෙන් ඉල්ලා සිටියි.


අසාධ්‍ය රෝගියෙකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අත්‍යවශ්‍යව ඇත. පහත සඳහන් දුරකථන අංක වලට අමතන්න. 072 4196415 , 034 4984750


නො. ඒ/4/1, මහල් නිවාස ඇල්විටිගල මාවත, නාරාහේන්පිට පදිංචි සෝමපාල වික්‍රමසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඔහු “බී කාණ්ඩයේ හෝ ඕ කාණ්ඩයේ” වකුගඩුවක් අවශ්‍ය බැවින් එය ලබා දීමට හැකි අයෙකු දුරකථන අංක 077 3124211, 077 4438706 යන අංකවලට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කැරේ.


නුගේගොඩ, ඇඹුල්දෙනියේ පදිංචි ඩබ්ලිව්.ආර්. රෝහිත ප්‍රනාන්දු මහතා වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයකු වේ නම් 072 2834205 දන්වන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.


අක්මාවෙන් කොටසක් ලබා ගැනීමට

කොළඹ 05, තිඹිරිගස්යාය, එෆ්. 16, විවාහක පොලිස් නිවසේ පදිංචි ඩබ්.ඒ. මියුරින් නමැති අය අක්මා රෝගයකින් පෙළේ. ඇයට අක්මා කොටසක් බද්ධ කළයුතු බැවින් අවුරුදු 30 – 40 වයස “බී හෝ ඕ පොසිටිව්” කාණ්ඩයේ ලේ වර්ගය ඇති නිරෝගි අයකුගෙන් අක්මාවෙන් කොටසක් ඉල්ලා සිටියි. වැඩි විස්තර 034 2254805, 077 8478125 දරන දුරකථන අංකයන්ගෙන් විමසිය හැකියි.