Print this Article


සජීවි ලෝකය බෞද්ධ විද්‍යා ග්‍රන්ථය දොරට වැඩීම 28 දා

සජීවි ලෝකය බෞද්ධ විද්‍යා ග්‍රන්ථය දොරට වැඩීම 28 දා

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ සජීවි ලෝකය විමර්ශනාත්මක බෞද්ධ විද්‍යා ග්‍රන්ථය මේ මස 28 වැනිදා සවස 3.00 ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. මහ නාහිමියන් සමග ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා කළ පුවත්පත් සාකච්ඡා ලිපි ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ 94 වෙනි ජන්ම දිනයට සමගාමීව පැවැත්වෙන මෙම උළෙලේදී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, කථිකාචාර්ය අගලකඩ සිරි සුමන හිමි, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි, සහ ආචාර්ය ඉත්තෑපානේ් ධම්මාලංකාර අනු නාහිමි විශේෂ දෙසුම් පවත්වති.