Print this Article


මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් සම්මාන ලබති

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් සම්මාන ලබති

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ යෙදෙන වියත් යතිවරයන් වහන්සේලා උදෙසා මියන්මාර් රාජ්‍යය පිරිනමන උසස්ම ගෞරව සම්මානය වන අග්ගමහාපණ්ඩිත උපාධිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්වාසී, සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමියන් වෙත පිරිනමා ඇත.

සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය හා විද්‍යාලංකාර ධම්මවිද්‍යාලයාධිපති ධුරය හොබවන වජිර නාහිමියෝ ජාතික සමඟිය සඳහා වන සර්ව ආගමික සංවිධානයේ හා සමස්ත ලංකා පැවිදි සංවිධානයේ සභාපති පදවිය ඇතුළු ජාතික ආගමික සංවිධාන රැසක නායකත්වය දරමින් ධර්ම ශාස්ත්‍රීය සේවා මෙන්ම සාමය සහජීවනය වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉටුකරන වියත් පඬිවරයෙකි.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපාණන් වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමෙන උත්සවය මියන්මාර්හි දී මේ මස 26 වෙනි දා පැවැත් වේ.