Print this Article


භික්ඛු සංඝස්ස - කොටස 03 පන්සලට තවත් දායක සභාවක් ?

භික්ඛු සංඝස්ස - කොටස 03

පන්සලට තවත් දායක සභාවක් ?

ලියන්නේ මර්වින් සේනාරත්න

අඳින්නේ සරත් නන්ද කුමාර

පල්ලේබැද්දේ කුරුන්දේ ලොක්කා වැනි අය, නීතියක් රීතියක් නැතුව දෙඩව්වාට මහා සංඝරත්නය පිළිබඳව දන්නා දෙයක් නැත. ඔහු තුළ ඇති රීතිය කටට ආ පලියට දොඩවමින් කෙළ පඩික්කම පිරවීම පමණය. අන්තිමේ ඒ කෙළ පඩික්කම සේදීමට වන්නේද පල්ලේබැද්දේ සෝම හිමිගේ සහෝදරිය වන හාමිනේට ය.

භික්‍ඛු සංඝස්ස සංස්ථාව තරම් ප්‍රබල, භාරධූර කාර්ය සාධක සංස්ථාවක් මේ ලොව නැති බව අපි යළි යළිදු කියා සිටිමු. භික්‍ඛු සංඝස්ස යනු පස්වග මහනුන්ගෙන් එදා දඹදිව ඉසිපතන මිගදායේ දී අරුඹුණු භික්‍ෂු ශාසනය ය. ලංකාවේ එය ඇරඹුණේ, අනුරාධපුර යුගයේ දී බු.ව. 237 – ක්‍රි.පූ. 307 දේවානම්පියතිස්ස රජු සමයේ, අරිට්ඨ ඇමතිගෙනි.

මිහිඳු මහ රහතන් වහන්සේ එදා දේවානම් පියතිස්ස මහ රජතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වදාළේ, දේශයේම කෙනෙකු මහණවීමත් සමගම, බුද්ධ ශාසනය ලංකාවේ පිහිටන බවය. ඒ අනුව අරිට්ඨ ඇමැති මහණවීමත් සමගම බුද්ධ ශාසනය ලංකාවේ පිහිටියේ ය. ඒ ධර්මතාවය අනුව, පල්ලේබැද්දේ සෝම හිමිගේ මහණවීමත් සමඟම, බුද්ධ ශාසනය වඩාත් හොඳින් ඒ ගමේ නොපිහිටියා යැයි කාහට නම් කිව හැකි ද?

බුද්ධ ධම්ම සංඝ යන තුන් රුවනින් හෙබි බුද්ධ ශාසනය නැත්නම් සිංහල ජාතියක් නැත. බුද්ධාගම වඩමවාගෙන ලෝකය වටේ යන එකම ජාතිය සිංහල ජාතිය බව විද්වත් සභාවක් අමතා ලෝක පූජිත පඬිවරයෙකු වන චීන ජාතික වෙයි හැමි කිවේ අප මැලේසියාවේ සිටියදී ය. අපවත් වී වදාළ පූජ්‍යපාද කිරින්දේ ධම්මානන්ද නාහිමි එම රැස්වීමේ දී දක්වා සිටියේ ලංකාවේ රට දැය සමය යන තුන්තරා ‘බෝධිය’ පෝෂණය කරන්නේ මහ සංඝරත්නය බවය.

පල්ලේබැද්දේ කුරුන්දේ ලොක්කා වැනි අය, නීතියක් රීතියක් නැතුව දෙඩව්වාට මහා සංඝරත්නය පිළිබඳව දන්නා දෙයක් නැත. ඔහු තුළ ඇති රීතිය කටට ආ පලියට දොඩවමින් කෙළ පඩික්කම පිරවීම පමණය. අන්තිමේ ඒ කෙළ පඩික්කම සේදීමට වන්නේද පල්ලේබැද්දේ සෝම හිමිගේ සහෝදරිය වන හාමිනේට ය.

“අප්පුහාමි දැන ගන්න ඔහේගේ මස්සිනා හාමුදුරුවෝ කවදා හරි මේ ගමම ගිනි තියනව“

කට හැකර කතාවක් ඇසූ පමණින් හාමිනේ පරල වෙන්නේ නැත. ඇය ඉවසන සුළු එක්දරු මවකි! සෝම හාමුදුරුවන් ගමට කවදාහරි ගිනි තියනවා යන මතය නම් ඇයට රුස්සන්නේ නැත. සහෝදර ලේ කෙනෙකු තුළ නලියන්නේ අපට පෙනී පෙනී නොවේ!

“ඈ කුරුන්දේ ලොක්කෝ? අපේ සෝම හාමුදුරුවෝ කවදා හරි ගමම ගිනි තියනවා කියන්නේ මොන හේතු සාධක ඇතිවද?”

“ඇයි හාමිනේ හේතු සාධක තියෙන බව අපට දැන් කුරුන්දේ ලොක්කා කිව්වේ?”

“අප්පුහාමි මම ප්‍රශ්නය ඇහැව්වේ කුරුන්දේ ලොක්කාගෙන් ඇයි දෙයියනේ පන්සලේ මහණ වුණ පලියට මෙහෙම බොරු චෝදනා...”

“හාමිනේ හිතට අමාරු ඇති. හිත යටින් මට බනිනවත් ඇති නමුත් මේ මෑත දිනෙක මං පන්සලට ගොඩවුණ අවස්ථාවේ මගේ කනට ඇහුණ සංවාදය ගැන දන්නවද?”

“මං දන්නේ කොහොමද?”

“හාමිනේ අපි දන්නේ නැති හින්දා තමයි කුරුන්දේ ලොක්කා ඔය කියන්න සූදානම් වෙන්නේ”

“පන්සලේ ඇතුළු කාමරයක මේ සංවාදය සිදුවුණේ අපේ ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි අතර”


සෝම පොඩි නම?

“ඇයි අපේ ලොකු හාමුදුරුවනේ?”

“පොඩි නම සෝම උත්සාහ කරන්නේ මේ පල්ලේබැද්දෙ ගමම ගිනි තියන්නද?”

“ඇයි ලොකු හාමුදුරුවනේ එහෙම අහන්නේ?”

“පොඩි නම දන්නවා මේ පන්සලට දායක සභාවක් තියෙන බව?”

“නෑ ලොකු හාමුදුරුවනේ මම දන්නේ නෑ!”

“මොනවා දන්නේ නෑ?”

“මම කිසිම දිනෙක දැකලා නෑ මේ පන්සලේ දායක සභාවක් රැස්වෙනවා!”

“රැස් නොවුනට දායක සභාවක් තියෙනවා!”

“රැස් නොවන දායක සභාවකින් ඇති වැඩේ මොකක්ද ලොකු හාමුදුරුවනේ?”

“රැස්වුනත් නොවුනත් දායක සභාවක් තියෙනවා! ඒ දායක සභාව තියෙද්දී තවත් දායක සභාවක් පත් කර ගැනීමට ක්‍රියා කිරීම, ගමේ දායකයින් දෙකට බෙදීමක්! පන්සල හානියට පත් කිරීමක්!”

“අපේ ලොකු හාමුදුරුවනේ මට සමා වෙලා කියන දේ අහනවද?”

මොනවද කියන දේ?”

“මම නොවෙයි අලුත් දායක සභාවක් පත් කරන්න කටයුතු කළේ!”

“එහෙනම්?”

“ගමේ කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා......”

“පොඩි හාමුදුරුවනේ! බලන්න අපේ පන්සලේ හැටි? දායක සභාවක් තියෙනවා නමට! අවුරුදු ගානකින් රැස්වෙලා නෑ! තව අවුරුදු ගාණකට රැස්වෙන්නෙත් නෑ! ඒ නිසා අපි තරුණ අය ළංකරගෙන අලුත් දායක සභාවක් පිහිටුවලා පන්සලට නව මුහුණුවරක් දෙමු.

“අදහස නම් හොඳයි! නමුත් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගත යුතුය නේද?”

“ලොකු හාමුදුරුවෝ නම් කීයටවත් අවසර දෙන්නේ නෑ! ඒ නිසා අපි......”

“බෑ! උන්වහන්සේගෙ අවසරය නැතුව හොඳ නෑ නේද එහෙම දායක සභාවල් පිහිටුවීමට කටයුතු කිරීම?”


භික්ඛු සංඝස්ස - කොටස 03 සුගත්ව මහණ කළේ පන්සලේ දේපළ රැක ගන්නද?