|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 11 වනදා සඳුදා |
||||
සිංහල රජ දවස විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා පූජා කළ හැට පස් අමුණක නින්දගම දායක කාරකාදින්ගේ දායකත්වය ඇතිව ආරක්ෂා වේ. විහාරස්ථානය සතු ගොදුරු ගමේ පවුල් හත්සියකට අධික සංඛ්‍යාවක් සහජීවනයෙන් වාසය කරති. හෙළ රජ දවස වැඩ විසූ මහතෙරවරුනට වැඩම කිරීම සඳහා පූජාකළ දෝලාව තවමත් විහාරස්ථානයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.
පෞරාණික විහාරාංගයන්ගෙන් සමලංකෘත මෙහි ඉපැරැණි විහාර මන්දිරයක් දක්නට ඇත. මහනුවර යුගයට නෑකම් කියන දර්ශනීය බිතුසිතුවම් රැසකින් එම විහාර මන්දිරය අලංකාර වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ සක්මන් මළු සැදැහැවතුන්ගේ සිත් නිවීමට සමත්ය. විහාරස්ථානය අවට පරිසරය අතිශය දැකුම්කළුය. සමීපයේ පිහිටි වැව එම දර්ශනීය බව තීව්‍රකරයි. වත්මන් විහාරාධිපති තනතුර හොබවන්නේ පාතහේවාහැට ප්‍රධාන සංඝනායක ඇතුල්ගම ශ්‍රී ධම්මදස්සි නාහිමියන් වහන්සේය. සැදැහැවතුන්ගේ ආධාර උපකාරයෙන් උන්වහන්සේ විසින් ඉදිකරවන ලද නව සංඝාවාසය සහ අලංකාර මකර තොරණ විශේෂිතය. පැරැණි සංඝාරාමය ලී කැටයම්වලින් අලංකෘතය. මැද මිදුලක්ද සහිතය. ආධාරක ලී කණුවලින් සැදුම් ලත් මේ සංඝාරාමය අද වන විට ජරා ජීර්ණ තත්ත්වයට පත්ව කඩා වැටෙන ස්වරූපයක පවතී. මේ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යටතේ පවතී. එහෙත් විහාරයේ සංවර්ධන කටයුතු බොහොමයක් මන්දගාමී තත්ත්වයේ පවතින හෙයින් ඒ සම්බන්ධව වඩාත් අවධානය යොමුවිය යුතුව ඇතැයි විහාරාධිපති හිමියෝ කාරුණිකව සිහිපත් කර සිටිති.
|
|||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
|||||