Print this Article


මොල්ලිගොඩ වාර්ෂික පින්කම් මාලාව

මොල්ලිගොඩ වාර්ෂික පින්කම් මාලාව

වාද්දූව මොල්ලිගොඩ සිද්ධ පුඤ්ඤ ප්‍රදීප පූජාකාරක සමිතිය ගම්වාසී සැමට සහ ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරන අබතෙල් පහන් පින්කම මෙවර 112 වැනි වතාවට මේ මස 16 වැනිදා කැලණි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම අබතෙල් පහන් පින්කම එදින පස්වරු 05.30 ට ආරම්භ වී පසුදින පස්වරු 05.30 ට අවසන් වන අතර අනතුරුව කිරි ආහාර පූජාව පවත්වා මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරි නැමීමෙන් පසු පින්කම් මාලාව අවසන් කෙරේ.