Print this Article


සෝරත නා හිමි පිළිගැනීමේ උත්සවයක්

සෝරත නා හිමි පිළිගැනීමේ උත්සවයක්

නිලන්නොරුව පුරාණ මහ විහාරය, මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරයන්හි විහාරාධිපති ලෙනදොර සෝරත හිමියන්ට “විමල කීර්ති ශ්‍රී සීලරතන යන ගෞරව නාමය සහිතව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය” පිරිනැමීම නිමිත්තෙන් පිළිගැනීමේ උත්සවයක් මාර්තු 10 වනදා පැවැත්වීමට නියමිතව තිබිණි.

10 වැනිදා නිලන්නොරුව පුරාණ මහ විහාරයේ දී සවස 2.30ට උස්සවය ආරම්භ වීමට නියමිත අතර උත්සව සභාවේ මුලසුන අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ගලගම අත්ථදස්සි අනු නා හිමියන් විසින් හොබවන අතර විශේෂ සහභාගිත්වය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නා හිමියන් විසිනි. සම්භාවනීය අමුත්තන් ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාද, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද සහභාගි වීමට නියමිතය.