Print this Article


ලේක්හවුස් ආදිකර්තෘ ජන්ම සමරු පින්කමෙන්....

ලේක්හවුස් ආදිකර්තෘ ජන්ම සමරු පින්කමෙන්....

 

 

පිරිත් පින්කමට ආරාධනා කළ අවස්ථාව

සහභාගිවූ පිරිසෙන් කොටසක්

වැඩම කළ සගරුවනින්...

දානය පිළිගන්වමින්...

පැන් වැඩූ අවස්ථාව

ලේක්හවුස් සභාපතිතුමා ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමියන් වෙත අටපිරිකර පූජා කරමින්...

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 127 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී ඉතුක් 22 හා 23 දිනවල දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. එහිදී පිරිත් දේශනාව සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමියන් ඇතුළු මහ සඟරුවන වෙත සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා පිරිත් දෙසුමට ආරාධනා කළ අතර එම අවස්ථාවට සහභාගි වූ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරි අභය අමරදාස, මහත්වරු හා ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය ඇතුළු බොහෝපිරිසක් සහභාගි වූහ. සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමීමෙන් අනතුරුව සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බන්දුල පද්මකුමාර, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ් පුත් රංජිත් විජයවර්ධන මහත්වරු විසින් පැන් වඩා පින් අනුමෝදන් කරන ලදී. මේ අවස්ථාවට සේවක සේවිකාවෝ ද සහභාගි වූහ.
ඡායා - ගීත්ද මැල්, කමල් ජයමාන්න