Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පන්නිපිටිය, පැලැන්වත්ත, සමඟිපුර, අංක 326/44 හි පදිංචි කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සංජු රෝෂිණී ද සිල්වා දියණිය දරුණු වකුගඩු ආබාධයක් පෙළේ. ඇයට බී පොසිටිව් වර්ගයේ වගුකඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලින්ගේ ආධාර පතයි. ඇයගේ ප්‍රතිකාර ස¼ඳහා විශාල මුදලක් අවශ්‍ය බැවින් එම මුදල් කොට්ටාව ශාඛාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 101020176575 දරණ එන්. එච්.ආර්. ජී. ද. සිල්වා මහතා නමින් ඇති ගිණුමට බැරකළ හැකිය. 071 7901291 දුරකතන අංකයෙන් විස්තර විමසිය හැකිබව කියයි.


කිතුල්ගල, ගෝහගමුව, අංක ඩී 103/1 හි පදිංචි එස්.එම්. වසන්ත ශ්‍රී පාලි මහතා හෘදවස්තුවේ ආබාධයකින් පෙළේ. ඔහුට ශෛල්‍යකර්මයක් කර ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා ඔබගේ මුදල් ආධාර පතයි. දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඔහුට මෙතරම් මුදලක් සොයා ගැනීමට අපහසු බවද කියා සිටී. ආධාර මුදල් ලංකා බැංකුවේ නගර ශාඛාවේ ගිණුම් අංක 6357522 දරන ගිණුමට බැර කරන ලෙසද වැඩි විස්තර සඳහා දුරකථන අංක 071 5234222 විමසිය හැකිය.


වකුගඩු රෝගියෙකුට නොපමාව A + Rh (O) වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. එවන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් දුරකථන අංක 0777 745 799 ට හෝ පහත සඳහන් විද්‍යුත් ලිපිනයට දන්වන ලෙස ඉල්ලා සිටියි. Sriyanjanaka @gmail.Com, Sriyanjanaka@ yahoo. Com