Print this Article


ජන්ම දිනය නිමිත්තෙන් පින්කම්

ජන්ම දිනය නිමිත්තෙන් පින්කම්

අකුරළ ශ්‍රී විජයාරාමාධිපති නාරංඕවිට ආනන්ද තිස්ස නාහිමියන්ගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් මාලාවක් මේ මස 21, සිට 26 දක්වා අකුරළ ශ්‍රී විජයාරාම මහා විහාරයේ දී පැවැත්වේ.

22 දින පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ලේ දන්දීමේ මහා පින්කමක් ද, 23 දින පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ආයුර්වේද වෛද්‍ය සායනයක්ද, 24 දින අටවිසි බෝධි පූජාවක් ද සවස 6ට පැවැත්වේ. 25 දින සවස 3 ට අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාසය විවෘත කිරීම හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා 26 දින දවල් 50 නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි මහා සාංඝික දානයක් පැවැත්වේ. - සීනිගම මහානාම මංගලසිරි