Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

හබරකඩ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරයේ දී විහාරාධිපති ශාස්ත්‍රවේදී උහන නන්දරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදි කරන ලද දොළොස් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයක් පසුගියදා සිදු කෙරිණි. දේශ කීර්ති ශාසන බන්ධු සිරිසේන දෙහිගස්පිටිය මහතා සහ ස්වර්ණමාලා විජේවර්ධන දෙපළගේ දයාබර පුතනුවන් වන නැසීගිය නුවන් ලහිරු සමරා මෙම පින්කම සිදු කළේ ය.

ගම්පළ ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ රුපියල් ලක්‍ෂ 60ක වියදමින් සංවර්ධනය කරන ලද ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. ගම්පල උඩපළාත අධිකරණ සංඝනායක වරකාපනෙ සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් හා ගඟ ඉහළ ප්‍රාදේශීය සභාපති ඇතුළු නිලධාරීන් රැසක් ද එයට සහභාගී වූහ.
- ගඟ ඉහළ සමූහ: ජගත් ජනපි‍්‍රය

දෙමටගොඩ ශ්‍රී විසුද්ධාරාම පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කර විශ්‍රාම ගිය කොරසේ මහින්ද හිමිපාණන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිරිනමන ලද විද්‍යා විභූෂණ ගෞරව නාමය පිළිගැන්වීමේ උත්සවයක් ඉකුත් දා එම පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ දයාවංශ ජයකොඩි මහතා අදාළ සන්නස් පත්‍රය අඩංගු මංජුසාව කොරසේ මහින්ද හිමියන් වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.