Print this Article


පිරිත් දෙසුමක්

පිරිත් දෙසුමක්

කළුතර බාලිකා විද්‍යාලයේ වාර්ෂිකව සිදු කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය විදුහල්පතිනි ජේ.කේ. ගුණරත්න මහත්මිය ප්‍රමුඛ විද්‍යාලයීය බෞද්ධ සංගමය, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසු දැරියන්, ආදි ශිෂ්‍ය සංගමය, විද්‍යාලයීය සුබ පතන්නන් ඇතුළු බහුතර සැදැහැවත් පිරිසකගේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී මේ මස 15 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මෙදින කළුතර දකුණ ධර්මවිජය පිරිවෙනෙහි සිට මහා සංඝරත්නය පෙරහරකින් වැඩම කරන අතර පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබිණි. - ඇම්. ජී. රත්නවීර