Print this Article


හොරණ රාජමහා විහාරයේ නවම් මහ පින්කම් මාලාව

හොරණ රාජමහා විහාරයේ නවම් මහ පින්කම් මාලාව

හොරණ රජමහා විහාරයේ 27 වන වරටත් පවත්වනු ලබන නවම් මහා පින්කම් මාලාව හොරණ රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ මස 18 වැනි දා රාත්‍රී 7 ට ගොම්බද්දල දමිත හිමියන්ගේ දම් දෙසුමද, 19 වැනි දා 6.30 ට ගම්පොල ඤාණාලෝක හිමියන්ගේ දම් දෙසුමද, 20 වැනිදා 7.00 ට දොඩම්දූවේ සිරිකර හිමියන්ගේ දම් දෙසුමද, 21 වැනි දා, රාත්‍රී 7.00 ට පන්නල ඤාණාලෝක හිමියන්ගේ කාව්‍ය දම් දෙසුමද, 22 වැනිදා රාත්‍රි 7.00 ට සූරියගොඩ සිරිධම්ම හිමියන්ගේ දම් දෙසුමද, 23 වැනි දා රාත්‍රි 7.00 ට බොරලැස්ගමුවේ සමිත හිමියන්ගේ සත්බුදු පූජාවද, 24 වැනි දා සවස 6.30 ට ඔලබොඩුවේ වජිරඤාණ හිමියන්ගේ තෙසැත්තෑ ඤාණ පූජාවද පැවැත්වීමට කටයුතු යොදා ඇත.