Print this Article


ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ජන්ම සමරු පින්කම පෙබරවාරි 22 සහ 23 දා

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ජන්ම සමරු පින්කම පෙබරවාරි 22 සහ 23 දා

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 127 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 22 වැනි සිකුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාව 23 වැනි සෙනසුරාදා දවල් පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම පින්කම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද මෙහෙයවීමෙන් සිදු කෙරේ.