Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 


 උදා වූ 2013 නව වසර සඳහා සමස්ත ලෝකවාසී ජනතාවට ආශිර්වාද කිරීම සඳහා පැවැත්වූ විශේෂ ආශිර්වාද පූජාවක් පසුගිය දා එංගලන්තයේ ලන්ඩන් හි කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. විහාරාධිපති, එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට ආචාර්ය හාන්දුපැල්පොල මහින්ද නාහිමි හා ශාස්ත්‍රපති කහටරුප්පේ වජිර, ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජී යන හිමිවරුද සහභාගි වූහ. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මීට එක්වූහ.