Print this Article


හොරණ රජ මහ විහාරයේ පින්කම් මාලාව

හොරණ රජ මහ විහාරයේ පින්කම් මාලාව

හොරණ රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙබරවාරි මස 02 වැනි දා සිට මාර්තු 06 වැනි දා දක්වා පින්කම් රාශියක් සංවිධානය කොට ඇත. පෙබරවාරි මස 10 වැනි දා සවස 5 ට නවඅරහාදී පහන් පූජාව ගාල්ලේ කේ. පරණවිතාන මහතා ද, 11 වැනි දා සිට දිනපතා රාත්‍රී 7 ට ධර්ම දේශනය මිල්වෑවේ මහින්ද හිමියන් ද, 12 වැනිදා ඇත්කඳුරේ සුමනසාර හිමියන්ද, 13 වැනි දා හෑගොඩ විපස්සි හිමිද, 14 වැනි දා මැදගොඩ අභයතිස්ස හිමියන් ද, 15 වැනි දා ගලිගමුවේ ඤාණදීප හිමියන් ද, 16 වැනි දා, බොරලැස්ගමුවේ සමිත හිමියන් ද, 17 වැනි දා සවස 5.00 නව අරහාදී පහන් පූජාව ගාල්ලේ කේ. පරණවිතාන මහතා විසින් ද පැවැත්වීමට නියමිත ය.