Print this Article


උපහාර උත්සවය 12 වන දා

උපහාර උත්සවය 12 වන දා

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික ඇගයීම් මාලාව ඉකුත් දෙසැම්බර් මස පැවැති අතර එම ඇගයීම් මාලාවෙන් ගම්පහ දිසාවෙන් ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රථම ස්ථාන හතරක්, දෙවන ස්ථාන හතක්, තෙවන ස්ථාන පහක්, සිව්වන හා පස්වන ස්ථාන 1 බැගින් ද හිමි කර ගනිමින් දිසා 21 කින් ප්‍රථමස්ථාන හිමිකර ගැනීමට ගම්පහ දිසාවට හැකි වූ බව ගම්පහ දිසා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී සීදුවේ සුමනවංස හිමියෝ පැවැසූහ.

ගම්පහ දිසාවට ගෞරවය ලබාදුන් සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපහාර පිරිනැමීමේ විශේෂ උත්සවයක් මෙම 12 වන දා පස්වරු 2.30 ට සමස්ත ලංකා හා ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිසා ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

එම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා හා ගිහි පැවිදි ප්‍රභූන් රැසක් ද සහභාගි වෙති.