Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො. 131/ 61, ශ්‍රී ධර්මද්වජ භික්ෂු ශිෂ්‍ය මධ්‍යස්ථානය, මොඩ්ල් ෆාම් පාර, ( පැල්පොල විපස්සි හිමි මාවත ) කොළඹ 08, විහාරස්ථානයේ වැඩවසන නෙළුම්වැවේ විපුලානන්ද නාහිමියන් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඉතා ඉක්මනින් “ ඕ” හෝ “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් දුරකථන අංක 0718420375 / 0771587892 අමතන මෙන් ඉල්ලා සිටී. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා මුදල් ආධාර අපේක්‍ෂා කරන අතර උන්වහන්සේ නමින් ලංකා බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුම් අංක 72825337 ගිණුමට එම ආධාර බැර කරන ලෙස පින් කැමති සැමට දන්වා සිටියි.


පානදුර වඳුරාමුල්ල වත්ත කිරිබේරිය පාර අංක 153 ලිපිනයේ පදිංචි මහින්ද ශාන්තලාල් ප්‍රනාන්දු මහතාට දරුණු වකුගඩු රෝගයක් වැළඳී ඇති අතර ඔහු සුව කර ගැනීමට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළයුතු බවට මාලිගාවත්ත ජාතික වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් දීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 0382239589 – 0773072867 – 0773621425 දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලා සිටී.


මොරටුව ලක්‍ෂපතිය ජුබිලි පාරේ 23/ඒ හි පදිංචි දෙදරු පියකු වන ඩබ්ලිව්. ජයලාල්.ඩී. ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බවට මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත.

ප්‍රනාන්දු මහතාට “ඕ” වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් ඒ බව 0777 259538 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ඉල්ලා සිටියි.ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහාත් විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ආධාර කළ හැකි පරිත්‍යාගශීලීන් වේ නම් එම ආධාර සෙලාන් බැංකුව මොරටුව ශාඛාවේ පී.ඩී. සිල්වා නමින් විවෘත කර ඇති 0090 – 01490748 –101 දරන ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.


හිඟුරක්ගොඩ, කුමාරගම අංක 47 නිවසේ පදිංචි පො/විද්‍යාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ජී.ඩබ්ලිව්. සචිනි ලක්‍ෂිකා දියණිය සඳහා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය ඇතැයි මහනුවර ශික්‍ෂණ මහා රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා පවසයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති හෙයින් එවැනි වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් අයෙකු හෝ පින්වත් හිමිනමක් වෙතොත්, 0711899953 හෝ 072 6367851 යන දුරකථන අංක අමතා දැනුම් දෙන ලෙස මව්පියෝ ඉල්ලා සිටියි.