Print this Article


හොරණ රාජමහ විහාරස්ථානයේ නවම් මහ පින්කම්

හොරණ රාජමහ විහාරස්ථානයේ නවම් මහ පින්කම්

හොරණ රාජමහා විහාරයේ පෙබරවාරි මස 02 වැනි දා සිට පෙබරවාරි නවම් පොහෝ දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට රාජමහා විහාරාධිපති රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. පෙබරවාරි මස 02, 09, 16 සහ 23 යන සෑම සෙනසුරාදා දිනකම සත්බුදු පූජාව කොබවක සීවලි හිමියන්ගේ අනුශාසනා පරිදි බොරලැස්ගමුවේ සමිත හිමියන් ද, පෙබරවාරි 03, 10 සහ 17 වැනි දිනවල දී නව අරහා දී පහන් පූජාව සහ අධිෂ්ඨාන පූජාව, බුදුගුණ වන්දනාව සවස 5 සිට ගාල්ලේ කේ. පරණවිතාන මහතා විසින් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.