Print this Article


සාරධර්ම වෙත යොමුවෙමු

අපේ හෙළයාගේ ඉගැනීමේ ඉගැන්වීමේ ක්‍රියාදාමය පැහැදිලිවම චරිත සංවර්ධනයක් . වෘත්තිය පුහුණූ මාධ්‍යයක් පමණක්ම නොවෙයි. මිනිසා හදා රට හදන සංකල්පයක් අපේ ඉගැනීමේ වගේම ඉගැන්වීමේ රටාව තුළ තිබුණා. මඩිහේ මහානායක හාමුදුරුවො කිව්වෙත් ඒකයි. අපේ තිබුණෙ අධ්‍යාපනය හා මිශ්‍ර වෙච්ච ඉගැනීමේ රටාවක්. අපේ සංස්කෘතියට අධ්‍යාපනය කියන වචනය පවා ගැළපෙන්නේ නැහැ. මේ වන විටත් වචනයේ අර්ථ දැක්වීම ගැන අර්ථ විවරණ දක්වා තිබෙනවා. තවත් පැත්තකින් බලනවනම් ආදි සංස්කෘතියෙන් ආපු වචනයක් ලෙස අධ්‍යාපනය හඳුන්වා දෙන්න පුළුවන්

වර්තමාන සමාජයේ දිවි ගෙවන බොහෝ දෙනාගේ මූලික අවශ්‍යතාවය වී තිබෙන්නෙ හොඳින් කා බී අනුන්ට පෙනෙන්න ඇඳ පැලඳ ජීවත් වීමටයි. සරල ගති පැවැතුම් දුරස්වී ඇත්දැයි කල්පනා කළ යුතු වෙනවා.

අතීතයේ මෙවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. සාරධර්ම අගයා ජනතාව ජීවත්වුණා. අප අධ්‍යාපනය කියන වචනයේ තේරුම දන්නවාද? ඒ ගැන සොයා බලනවා නම් එය අපගේ දැනුම වර්ධනයට හේතුවක්. “ධ්‍යාපනය” කියන්නෙ හිත දියුණූ කිරීම, නැත්නම් ධ්‍යාන වැඩීමටයි. අකුසල් යටපත් කරල කුසල් සිත් දියුණූ කිරීමෙන් තමයි ධ්‍යානයට එන්නෙ. ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන ආදියට ළඟාවෙනවා. සිත පිරිසිදු කර ගැනීමත්, සිත එකඟ කර ගැනීමත් එමඟින් සිදු කෙරෙනවා . සිත දියුණු කිරීම තුළින් ඇති කර ගන්නා චරිත සංවර්ධනය “ධ්‍යාපනය” නමින් හැඳින්වුවා. ධ්‍යාන වැඩු තැනැත්තා චරිත සංවර්ධනයේ ඉහළටම ළඟාවනවා. ඒ අනුව ආධ්‍යාත්මික දියුණුවක් අපට “ධ්‍යාපනය” නමින් හඳුන්වන්න පුළුවන්. ධ්‍යාපනයක් නැති වූ අප කියන්නේ අධ්‍යාපනය කියලයි. පිරිසුදු අපිරිසුදු වනවා කුසල් අකුසල් වනවා. සත්පුරුෂ අසත්පුරුෂ වනවා, ව්‍යාජ, අව්‍යාජ වනවා.

ඒ අනුව අධ්‍යාපනය යන්නෙහි නිවැරැදි අර්ථ වන්නේ හිත දියුණූ නොකළ යන්නයි.අධ්‍යාත්මික දියුණුවක් නැහැ.ඒ වගේම චරිත සංවර්ධනයකුත් නැහැ. හිත දියුණු කිරීමෙන් තොරව,අධ්‍යාත්මික දියුණුවෙන් තොරව අකුසල් යටපත් නොකර චරිත සංවර්ධනයක් කරගන්න බැහැ. බටහිරින් ආපු Education කියන ඉංගශ්‍රීසි වචනය ඒ අර්ථයෙන්ම අරගෙන අධ්‍යාපනය ලෙසින් සමාජයට ගෙන හැර දක්වලා එහි අභිමතාර්ථ විතරක් සමාජයට ගෙනහැර දැක්වීමෙන් සමාජයට අයහපතක් වෙලා තියෙනවා.

අපේ හෙළයාගේ ඉගැනීමේ ඉගැන්වීමේ ක්‍රියාදාමය පැහැදිලිවම චරිත සංවර්ධනයක් . වෘත්තිය පුහුණූ මාධ්‍යයක් පමණක්ම නොවෙයි. මිනිසා හදා රට හදන සංකල්පයක් අපේ ඉගැනීමේ වගේම ඉගැන්වීමේ රටාව තුළ තිබුණ මඩිහේ මහානායක හාමුදුරුවො කිව්වෙත් ඒකයි. අපේ තිබුණෙ අධ්‍යාපනය හා මිශ්‍ර වෙච්ච ඉගැනීමේ රටාවක්. අපේ සංස්කෘතියට අධ්‍යාපනය කියන වචනය පවා ගැළපෙන්නේ නැහැ. මේ වන විටත් වචනයේ අර්ථ දැක්වීම ගැන අර්ථ විවරණ දක්වා තිබෙනවා.තවත් පැත්තකින් බලනවනම් ආදි සංස්කෘතියෙන් ආපු වචනයක් ලෙස අධ්‍යාපනය හඳුන්වා දෙන්න පුළුවන්.

බමුණන් අතරේ මේ මතය වචනය නිරතුරුවම කියවුණ බව තේරුම් යන්න පුළුවන්.

ඉස්සර බමුණන් වනගත වෙලා භාවනානුයෝගීව සත්‍යය සොයා ගියා හිත සංවර කර ගත්තා. ඔවුන් ඒ නිසා ධ්‍යාපනය පැහැදිලිව හඳුනා ගෙනසිටියා. ඔවුන්ට ගුරුවරුන් අවශ්‍ය වූයේ නැහැ. පසුකලෙක බමුණන් වනාන්තරවලින් එළියට ඇවිත් වේදය කටපාඩම් කරලා ඒවා ඉගෙනගෙන වේදය ගායනා කරමින් රජවරුන් ප්‍රභූ®වරුන්ට ආ වැඩීමෙන් යාගහෝම පැවැත්වීමෙත් නිසා තාන්න මාන්න ලබා ගත්තා. බමුණන් මිල මුදල්වලින් පොහොසත් වුණා. ඔවුන් ධ්‍යාපනය අත්හැරියා. ගුරුවරුන්ගෙන් ඉගෙන ඉගැනීමේ ක්‍රියාවලියකට ගියා. ඒක අධ්‍යාපනය කියලා හඳුන්වා දුන්නා. පිටින් දැනුම ගන්න බලනවා. තමන්ගේ අධ්‍යාත්මික දැනුම දියණු කර ගැනීම පසකෙ තැබුවා. බමුණන් අධ්‍යාපනයට මුල් තැනක් දී වේදය ඉගෙනගෙන යාගහෝම පවත්වමින් ව්‍යාපාරයකට යොමුවුණා. උපයාගෙන, නැත්නම් හම්බකර ගැනීමේ ක්‍රියාදාමයකට යොමු වුණා.

අපේ අධ්‍යාපනයේ මුල් තැනක් දෙන්නේ චරිත සංවර්ධනයයි. ගුරුවරුන් හා පොත හා ප්‍රතික්ෂේප කිරීමක් මෙයින් අදහස් කරන්නේ නැහැ.

සිදුහත් බෝධිසත්වයන් වහන්සේ පසුව ගුරුවරු සොයාගෙන ගියා ආලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ ගුරුවරුන්ගෙන් දැනුම ලබාගෙන ඒ දැනුම ඉක්මවා ගිය දැනුමක් හෙව්වා.

ඒ ආදර්ශය අපට තියෙන්නයි අපේ සංස්කෘතියත් හැඩ ගැසුණේ ඒ ආකාරයටයි. අපේ ජනතාව අද මෙන් මේ මතයට ගිහින් ‘කෝක කරන්නෙත් හොඳින් කාල ඇඳල ඉන්නනේ. කියලයි කියන්නෙ. ඒක කපුටාගේ පිළිවෙත බවයි බුදුරජාණන් වහන්සේ දේශනාව වීඇත්තේ

සුජීවං අහිරිකේන
කාකසුරෙන ධංසිනා
පක්ඛන්දිනා පගබ්හෙන
සං කිලිමි‍ෙඨිසේන ජීවිතං

ලජ්ජා නැති හොර කපුටකු මෙන් ගසා කෑමෙහි දක්ෂ තැනින් තැන බොරු කියන කපටියා ජීවත්වීම අපහසු නැත. කා බී ඉදීමට නම් කපුටෙක් වන ලෙසයි ධම්ම පදයෙ වක්‍රාකාරයෙන් සේ දක්වා තිබෙන්නේ. කෑම පමණක් නම් සාර ධර්ම අවශ්‍ය වන්නේ නැහැ. බුදු දහම ඉගෙන අපට එසේ දිවි ගෙවිය හැකිද? බටහිර සංකල්පය වුණෙත් බමුණු මතයටයි. ඉගෙන ගන්නේ කුමටද ? රැකියාවක් කරන්න රැකියාවක් කුමටද? හොඳින් කා බී ජීවත් වන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ එය නොවේ. කපුටකු මෙන් ජීවත්වීම අපට සුදුසුද යන්න සිතා බැලිය යුතුය.

කපුටා සෙසු පක්‍ෂීන්ට කලින් අවදි වී කෑම සොයා යයි. දකින සියලු දේ ආහාරයට ගනී. සවස සෙසු සතුන් ආරක්‍ෂිත ස්ථාන කරා ගියත් කපුටා අවසන් මොහොත දක්වාම කෑම සොයා යයි.

එහෙත් රාත්‍රියේ නින්දෙන් හත්වතාවකවත් කුසගින්න නිසා වැටෙමින් සිටින බවද ගැමියන් පවසනවා. කෙතරම් ආහාර ගත්තත් කපුටාට තෘප්තියක් නැහැ. අප සිතා බැලිය යුත්තේ කපුටකු මෙන් ජීවත් වීමටද? නැත්නම් පෙර කල තිබුණාක් මෙන් සිත දියුණූ කරන චරිත සංවර්ධනය කරන ධ්‍යාපනය කරා ළංවීමටද?

වචනය, අර්ථය කමක් වුවත් අපේ බාල, තරුණ පරපුරේ පරිහානියක් දක්නට තියෙනවා.ඒ පරිහානිය ඇතිවී තිබෙන්නේ චරිත සංවර්ධනය නොමැති කමින්. මේ තත්ත්වය තවත් පරිහානියට ගියහොත් මව පියා නොව තම සහෝදරයා සහෝදරිය පවා නොහඳුනන තත්ත්වයකට අප පත්වීමට පුළුවන්. ඊට පෙර අප චරිත සංවර්ධනයට සාරධර්ම කරා අපගේ සමාජය යොමු කළ යුතුවනවා.